gossiplanka alexa රජ රහස් - සජිත්, රනිල්, මෛත්‍රී, අනුර ගැන තිරයේ පි‍ටුපස කතා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජ රහස් - සජිත්, රනිල්, මෛත්‍රී, අනුර ගැන තිරයේ පි‍ටුපස කතා

රජ රහස් - ජනවාරි 14 

ජනපතිට චීනයෙන් ආරාධනයක්      

මේ සතියේ ආරම්භයත් සමගම සිදු වූ සුවිශේෂී කාරණාව නම් චීන සමූහආණ්ඩුවේ විදේශ  අමාත්‍ය  වැන්ග් යි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයයි .එක් දිනක් මෙරට රැඳී සිටි එතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වූවා.විශේෂයෙන්ම මෙරට මුහුණපා ඇති  ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ කටයුතු  අමාත්‍ය වරයාගෙන් ඉල්ලා ඇති බවටයි රජ රහස් වෙත වාර්තා වන්නේ .ඉන්දියාවත්  තරහ නොකරගෙන චීනය සමග සබඳතා පැවැත්වීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ. කොහොම වුණත් මෙම සංචාරයේදී චීනයේ රාජතාන්ත්‍රික සංචාරයකට එක් වන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. රජ රහස් වෙත වාර්තා වන්නේ චීනයට යනවද නැද්ද කියන කාරණාව පිළිබඳව  ජනාධිපතිවරයා මෙතෙක් තීරණය කර නොමැති බවයි.  

විපක්ෂ නායකවරයාට සමගියේ මන්ත්‍රීවරුන්ගෙන් ම විරෝධය  

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වසර ආරම්භයේදීම උතුරේ සංචාරයක් ආරම්භ කළා. එම සංචාරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා .ඔවුන්ගේ වට්ස්ඇප් ගෲප් එක ඇතුලේ අදහස් හුවමාරු කර ගනිමින් සජිත් ප්‍රේමදාස මහතාගේ උතුරු සංචාරය මෙන්ම ඔහු විපක්ෂනායක කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බවට මන්ත්‍රීවරුන්  විවේචන ඉදිරිපත් කරන බවටයි රජ රහස් වෙත වාර්තා වන්නේ . තම පක්ෂයේ අයම තමන් විවේචනය කරද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරේ ජනතාව වෙත ගොස්  ඔවුන්ගේ දුක සැප සොයා බැලුවා  .කෙසේ වෙතත් ඒ අතරම එතුමා දැන් රහස් පරීක්ෂකයෙකු බවටත් පත් වෙලා කියලයි ආරංචිය .ඒ සමගි ජන බලවේගයේ විධායක  සභාවේ දී ගත් තීරණ ඒ ආකාරයෙන්ම මාධ්‍ය වෙත පල වීම සම්බන්ධයෙන් රහස්  පරීක්ෂකයෙකු ලෙස එතුමා හොයන  බවටයි  රජ රහස් වෙත  ආරංචි වන්නේ. මේ හේතුව නිසා මරික්කාර් ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙකු බය වෙලා ඉන්නවා කියලා ආරංචියි.                 

මෛත්‍රීගේ ෆයිල් ගැන රවීගෙන් හෙළිදරව්වක්. 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සුවිශේෂී කරුණු කිහිපයක්ම පසුගියදා හෙළි දක්වනු ලැබුවා . එහිදී ඔහු කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් තමන් සතුව ෆයිල් කිහිපයක් ඇති බවත් ඒවා අවශ්‍ය නම් එලිදැක්වීමට තමන් සූදානම් බවයි .කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා  කියන්නේ හෙළි කිරීමට තරම් තමන් වංචා දුෂණ  සිදු කර නොමැති බවයි . මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය මධ්‍යස්ථානය පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා . එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පස්වන මහලේ මෙම මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර එම උත්සවය පැවැත්වෙන අවස්ථාවේ දී විදුලි කප්පාදු කුත් වෙලා තියෙනවා.රජ රහස් වෙත වාර්තා වන්නේ ආණ්ඩුවේ උවමනාව මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පමණක් එම වෙලාවේ විදුලිය විසන්ධි වු බවට මෛත්‍රිපාල සිරිසේන මහතා සැක කරන බවයි .    

රනිල් වික්‍රමසිංහගෙන් නව බලකායක්  

අවුරුදු තිහට අඩු තරුණ තරුණියන් එක් කරගනිමින් 2048 නමින් නව බලකාය පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බවටයි රජ රහස් වෙත  වාර්තාවන්නේ . එක්සත් ජාතික පක්ෂයේ පරණ නායකයින් වෙනුවට තරුණ නායකයින් ආසන සංවිධායකවරුන් ලෙස පත්කර එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළ යුතු බවටයි රනිල් වික්‍රමසිංහ මහතා තම හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත්තේ . මේ අතර චීන විදේශ අමාත්‍යවරයාගේ  සහභාගිත්වයෙන් කොළඹ වරාය නගරයේ පැවති උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දැඩි කනස්සල්ලෙන් පසුවන බවට ද වාර්තා වනවා. 

අනුර කුමාර විවේචනය කලොත් වැඩ වරදින ලකුණු  

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා සිටිනවා .කොහොම වුණත් රජ රහස් වෙත වාර්තා වන්නේ එතුමා විවේචනය කරන්නන් හට පක්ෂයේ  ක්‍රියාකාරීන්ගෙන් දැඩි තර්ජන එල්ල වී ඇති බවටයි. ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ තරුණ නායකයෙකුට මෙලෙස බලපෑම් එල්ල වී ඇති බවට රජ රහස් වෙත වාර්තා වෙනවා.එම පුද්ගලයා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ආසන  සංවිධායකයෙකු ලෙස කටයුතු කරමින් අනුර කුමාර මහතා දැඩි ලෙස විවේචනය කරනු ලබනවා.   

පාඨලී ලෙඩ වෙයි . 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා හදිසියේම ලෙඩ වුණා  ඒ එතුමාට විරුද්ධව පවතින නඩුව කැඳවීමට නියමිතව තිබූ දිනයේදී.    මේ සතියේ සිදුකරන බවට කිවූ කැබිනට් මණ්ඩල සංශෝධනය අහෝසි කරමින් අමාත්‍යංශවල විෂය පථයන් මාරු කිරීමට ආණ්ඩුව කටයුතු කළේ විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් .රජ රහස් සමගින් ලබන සතියේ හමුවෙමු.  

මාධ්‍යවේදී අරුණ රත්නායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu