gossiplanka alexa සජිත් සහ චම්පික අත්වැල් බැඳගෙන වැඩ කළ යුතුයි..! ආණ්ඩුව වැටෙන්න කලින් රට වැටිලා ඉවරයි..!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් සහ චම්පික අත්වැල් බැඳගෙන වැඩ කළ යුතුයි..! ආණ්ඩුව වැටෙන්න කලින් රට වැටිලා ඉවරයි..!

අපි ඉදිරියට ගමන් කරමින්, මෙම වල්පාලනය පහත හෙළීමට සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක යන අය වෙනස්කම් අතහැර අත්වැල් බැඳ ගැනීම දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ අභිලාෂය බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසනවා. 

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි, දූෂණ මර්දන කමිටු සාමාජිකයින්ව විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදීමෙන් අනතුරුව, මාධ්‍යවලට ප්‍රකාශ ලබා දෙමින් පා.ම. මනෝ ගනේෂන් තවදුරටත් පැවසුවේ, 

"සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලයට එයි. පසුව ඒක වැටෙයි. ඊට පස්සේ නව ආණ්ඩුවක් බලයට එයි. ඒකත් වැටෙයි. තවත් ආණ්ඩුවක් එයි. මේක සාමාන්‍යයි. නමුත් අද ආණ්ඩුව වැටෙන්න කලින් රට වැටිලා ඉවරයි. 

අසල්වැසි රටවලින් හඬා වලපමින් අතමාරුවක් අරගෙන, මාස තුනකට වරක්, මහපරිමාණ ණය සඳහා වන ආපසු ගෙවීමේ මුදල ගෙවා ගෙන යන තත්වයට රට වැටිලා ඉවරයි. ඒ නිසා ගොඩනැගිය යුත්තේ අලුත් ආණ්ඩුවක් නොව, අලුත් රටක් බව කිව යුතුයි. ඒ නිසා අද මේ රටේ ආණ්ඩු විරෝධී සියලු බලවේග අත්වැල් බැඳගත යුතුයි. 

ඊට පෙර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ 43 සේනාංකයේ නායක පාඨලි චම්පික රණවක යන අය අත්වැල් බැඳ ගත යුතුයි. 

"නැහැ, නැහැ" කියන හඬා වැලපීමට වඩා අද හැමදෙයක්ම නැතිවෙලා ඉවරයි. ගෑස් නැහැ, කිරිපිටි නැහැ, පොහොර නැහැ, බෙහෙත් නැහැ, කිසිවක් නැහැ. කියනවානම් අද ආණ්ඩුවක්ම නැහැ. පොහොර නැති බව හඬා වලපන ගොවීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ "ඔබේ ඉඩමේ වී වගා කළ නොහැකි නම් මුංඇට වගා කරන්න" කියලා කියනවා. මේක, "පාන් නැත්නම්, කේක් කන්න" කියලා කියපු ප්‍රංශයේ කුරිරු රැජිනව මතක් කරනවා. 

සුදු ළූණු වංචාව සොයාගෙන, හෙළිදරව් කළ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ දුසාන් ගුණවර්ධනගේ, විදෙස් ගමන් තහනම් කර තිබෙනවා. මේ මොන කෝලමක්ද? අපරාධකරුවන් නිදහසේ සැරිසැරෙන අවස්ථාවක, වැරදිකරුවන් සෙවීමට කටයුතු කළ අවංක නිලධාරීන්ට දඬුවම් කරනවා. 

අද මෙහෙ "දූෂණ මර්දන කමිටුව" කියාගෙන හිටපු ආණ්ඩුවේ දේශපාලන ප්‍රධානීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ ඇයි" කියලා අහලා මට වද දෙනවා. දූෂිතයන් ට එරෙහි නඩු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කරගෙන තිබෙන අවස්ථාවක, දූෂිතයන් සියල්ලෝම නිදහසේ සැරිසැරෙන විට, ඔයාලා පියවර ගත්තේ ඇයි කියලා මෙයාලා මගෙන් අහනවා. 

ගොඩනැගිය යුත්තේ අලුත් රටක් නිසා, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ 43 සේනාංකයේ නායක පාඨලි චම්පික රණවක යන නායකයෝ අත්වැල් බැඳ ගත යුතුයි."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu