gossiplanka alexa වම් අත අහිමි වූ නීතිඥවරියට ලැබෙන වන්දි මුදල ගැන තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වම් අත අහිමි වූ නීතිඥවරියට ලැබෙන වන්දි මුදල ගැන තීරණයක්

2013 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ ජාතික රෝහලේ සැත්කමක් මඟින් තරුණියකගේ වම් අතේ කොටසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සානුකම්පිත පදනම මත එම තරුණියට රුපියල් හැත්තෑ ලක්ෂයක මුදලක් සම්පූර්ණ සහ අවසානාත්මක සමථයක් ලෙස ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. 

අගතියට පත් මෙම තරුණිය රුපියල් කෝටි දහයක වන්දි මුදලක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ අතර පසුව රුපියල් ලක්ෂ 70ක මුදලක් නඩුවේ සමඟිය සඳහා පැමිණිලිකාර පාර්ශවය විසින් නීතිඥයින් මාර්ගයෙන් යෝජනා කර තිබුණා. 

දැනට වෘත්තීයෙන් නීතිඥවරියක ලෙස කටයුතු කරන මෙම පැමිණිලිකාර තරුණියට තම වම් අත අහිමිවීමෙන් බාහිර රූපයට සිදුවූ හානිය සහ ඇගේ පෞද්ගලික ජීවිතයට සහ වෘත්තීය ජීවිතයට මුහුණදීමේ දී සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් සාධාරණ වන්දි මුදලක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබුණා. 

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu