gossiplanka alexa දුම්රිය ස්ථානාධිපතිවරුන් නැවත ආරම්භ කල වර්ජනයත් අවසන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රිය ස්ථානාධිපතිවරුන් නැවත ආරම්භ කල වර්ජනයත් අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය අද දහවල් අවසන් වී පැය කිහිපයක් ගත වීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කටයුතු කලා.

ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයා ගේ වැඩ තහනමක් සිදු කිරීම හේතුවෙන්. ඒ අනුව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ද නතර කල අතර එම හදිසි වැඩ වර්ජනය නිසා දුම්රිය කිහිපයක්ම අතරමඟ නතර වී තිබුණා. තෛපොන්ගල් නිවාඩුවට ගම්බිම් බලා යාමට පැමිණි මගීන් මේ හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. 

කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන් නැවත අරම්භ කල වැඩ වර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමඟයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu