gossiplanka alexa ඩෙල්ටාක්‍රොන් කොවිඩ් ප්‍රභේදය හරහා දරුණු ගණයේ කොවිඩ් ප්‍රභේදයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙල්ටාක්‍රොන් කොවිඩ් ප්‍රභේදය හරහා දරුණු ගණයේ කොවිඩ් ප්‍රභේදයක් ?

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයන් දෙක මිශ්‍ර වීමේන් සෑදුණු දෙමුහුන් වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. මෙම දෙමුහුන් වික්‍රියාව "ඩෙල්ටක්‍රෝන්'  ලෙස විද්‍යාඥයින් විසින් නම් කර ඇති අතර පළමු ආසාදිතයා වාර්තා වුණේ සයිප්‍රසයෙන්. 

හමුවූ ආසාදිතයින් 25 දෙනාගෙන් 14 දෙනෙකු මේ වන විට කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් වන අතර ඉතිරි 11 දෙනා සමාජයෙන් හමු වූ පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම දෙමුහුන් වෛරස් වික්‍රියාව හරහා DNA හුවමාරුවක් වීමෙන් ඉදිරියේ දී ඉතා දරුණු ගණයේ නව කොවිඩ් ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් මතුවිය හැකි බව විද්‍යාඥයින් පවසනවා.

මේ අතර "ඩෙල්ටක්‍රෝන්" ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණීමේ අවදානමක් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා. රටට එම ප්‍රභේදය ඇතුල්වීම වැළැක්වීමට රට වසා දැමීම සිදු කිරීම ප්‍රායෝගික නොවන බවත් ජනතාව සියළුම දෙනා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැඳීම මඟින් වෛරසය පැතිරීම පාලනය කල හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu