gossiplanka alexa එක දිගට විශ්‍රාම යන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනයෙන් නීති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක දිගට විශ්‍රාම යන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනයෙන් නීති

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් එක දිගට ක්‍රිකට්වලින් සමුගැනීම පිළිබඳව දැනුම් දීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කළා. 

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ විධායක සභා ‍රැස්වීමක් පවත්වා ඉන් අනතුරුවයි. 

ඒ අනුව ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඉදිරියේ දී ඒ පිළිබඳව මාස 3කට පෙර ක්‍රිකට් ආයතනය දැනුවත් කල යුතුවනවා. එසේම ඔවුන් විදෙස් ලීග් තරඟාවලි සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන්නේ නම් නව නීති රීති අනුව ඒ සඳහා අවසර හිමිවන්නේ විශ්‍රාම ගැනීමෙන් මාස 6කට පසුවයි. 

එසේම විශ්‍රාමික ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් වැනි ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගී වීමට අවසරය හිමිවන්නේ එම ලීග් තරඟාවලිය පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරඟවාරයේ දී ක්‍රීඩකයින් 80%ක දේශීය තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්නම් පමණයි. 

මේ අතර මෙම මස 21 වන දින ආරම්භ කිරීමට නියමිත බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඒ සඳහා අවසර ලබා දීමේ සහතිකය නිකුත් නොකිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව එම තරඟාවලිය සඳහා සහභාගී වීමේ අපේක්ෂාවෙන් පසු වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනා වෙනුවට කොදෙව් ක්‍රීඩකයින් ආදේශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට ද එම තරඟාවලියට සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිව තිබුන ද ඔවුන් වෙනුවට ද කොදී ක්‍රීඩකයින් ආදේශවනු ඇති. ඊට අමතරව දිනේෂ් චන්දිමාල්, ඇන්ජලො මැතිව්, තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, සික්කුගේ ප්‍රසන්න සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින්ද එම තරඟාවලියට සභභාගී වීමට නියමිතව තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu