gossiplanka alexa කිඹුලන් මුහුදු ප්‍රදේශවලට පැමිණීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කිඹුලන් මුහුදු ප්‍රදේශවලට පැමිණීමේ අවදානමක්

ඇළ මාර්ග සහ ගංගා ආශ්‍රිතව වැලි කැණීම් හේතුවෙන් කිඹුලන් මුහුදු ප්‍රදේශවලට පැමිණීමේ ප්‍රවණතාව වැඩි වී ඇතැයි සත්ත්වවේදීන් පවසනවා. පසුගියදා දෙහිවල මුහුදු ප්‍රදේශයට පැමිණි කිඹුලෙක්ගේ ප්‍රහාරයෙන් විසිතුරු මසුන් අල්ලන කිමිදුම්කරුවෙක් ජීවිතක්ෂයට පත් වීමත් සමඟම එම ප්‍රදේශයේ ජනතාව මහත් භීතියට පත්ව තිබෙනවා. 

දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිටින කිඹුලා ගැටකිඹුලා යන විශේෂයට අයත් කිඹුලෙක් වන අතර ඔවුන් ලොව සිටින විශාලතම උරග විශේෂයට අයත් වනවා. ගැටකිඹුලන්ට කරදියට අනුවර්තනය වීමේ හැකියාව තිබෙනවා. 

ජනතාව භීතියට පත් කල දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිටින කිඹුලා ඉවත් කිරීමට නිසි පියවර ගන්නා බවයි වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu