gossiplanka alexa සිමෙන්ති හිඟයට රජයෙන් විසඳුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිමෙන්ති හිඟයට රජයෙන් විසඳුමක්

වෙළඳපොළේ පවතින සිමෙන්ති හිඟය අවසන් කිරීමට රජය විසින් සිමෙන්ති ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

සිමෙන්ති හිඟයක් ඇති වී තිබෙන්නේ සමාගම් මිල වැඩි කර ගැනීමේ අරමුණින් සිමෙන්ති වෙළඳපොළට නිකුත් නොකිරීම නිසාවෙන් බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. ඩොලර් හිඟය හේතුවෙන් ආනයනයට ගැටළු මතු වී ඇත්තේ සිමෙන්ති ඉල්ලුමෙන් 10%ක ප්‍රමාණයක් බව ඔහු පවසනවා. 

ලංකාවේ මාසික සිමෙන්ති කොට්ට අවශ්‍යතාවය ලක්ෂ 140ක් පමණ වනවා. එම අවශ්‍යතාවයෙන් 40%ක් ලංකාව තුළම නිපදවන අතර සමාගම් දෙකක් 32% බැඟින් සහ 18% බැඟින් සිමෙන්ති ආනයනය කර මෙරට දී ඇසුරුම් කර බෙදා හරිනු ලබනවා. ඉතිරි 10%ක ප්‍රමාණය කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදා හරිනු ලබනවා. මේ ආකාරයෙන් 90%ක ප්‍රමාණයක් නිකුත්කරන සිමෙන්ති සමාගම් මිල වැඩි කිරීමේ අරමුණින් ඒවා නිසි ලෙස වෙළඳපොළට නිකුත් නොකිරීම නිසා සිමෙන්ති ගැටළු මතු වී ඇති බවයි කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 1375ක් වුවත් රුපියල් 1800ත් 2000ත් අතර මුදලකට කූට වෙළඳුන් විසින් ඒවා අලෙවිකරනු ලබනවා. එසේ නියමිත මුදලට සිමෙන්ති කොට්ට අලෙවි නොකරන වෙළඳුන් සොයා වැටලීම් සිදු කිරීම ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu