gossiplanka alexa කළ්‍යාණි රන් පිවිසුමෙන් ගමන් කිරීමට අවසර හිමිවන වාහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළ්‍යාණි රන් පිවිසුමෙන් ගමන් කිරීමට අවසර හිමිවන වාහන

සුගියදා විවෘත කළ "කළ්‍යාණි රන් පිවිසුම" කැළණි පාලමෙන් ගමන් ගන්නා රථවාහන සඳහා නව මාර්ග සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව, නව කැලණි පාලම හරහා ගමන් කළ හැක්කේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අවසර ඇති වාහනවලට පමණයි. දැනට එම මාර්ගය හරහා ගමන් කිරීමට අවසර හිමිව ඇත්තේ කොළඹ වරායට ඇතුළු වීමට බලපත්‍ර හිමි වාහනවලටයි. ඒ වරාය පිවිසුම් මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු තවදුරටත් සිදු කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් වරායෙන් පැමිණෙන කන්ටේනර් රථවලට නව කැළණි පාලමෙන් ගමන් කිරීම තහනම් වනවා. 

කොළඹ දෙසට එන අනෙක් වාහන වරාය පිවිසුම් මාර්ගයට ඇතුළු නොවී සිරිමාවෝ බණ්ඩාරනායක මාවතෙන් ගොස් වමට හෝ දකුණට හැරවිය යුතුයි. 

කන්ටේනර් රථ සහ නව කැළණි පාලමෙන් ගමන් කිරීමට අවසර හිමි නොවන අනෙකුත් වාහන පාලමට පහළින් ඇති බේස්ලයින් මාර්ගය ඔස්සේ පැමිණ පාලමට පිටතින් පිහිටි මංතීරුව ඔස්සේ ගමන් කළ යුතුවනවා. 

(කොළඹ ක‍ටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට ඇතුළුවන වාහන වලට  ඔරුගොඩවත්ත නව අධිවේගී මාර්ග පිටවුමෙන් බො‍රැල්ල දෙසට, කො‍ටුව දෙසට, අවිස්සාවෙන්න දෙසට හා ග්‍රෑන්ඩ්පාස් දෙසට ගමන් කල හැකියි. 

වරාය පිවිසුම් මාර්ගයේ ඇති නව අධිවේගී මාර්ග පිටවුමෙන් ආමර්වීදිය දෙසට, පංචිකාවත්ත දෙසට සහ අම්රදාන දෙසට ගමන් කල හැකියි. 

සිරිමාවෝ මණ්ඩාරනායක මාවත ඔස්සේ කොළඹින් පිටවන රථවාහනවලට වරාය පිවිසුම් මාර්ගයේ ඇති නව අධිවේගී මාර්ග පිවිසුමෙන් කොළඹ - ක‍ටුනායක අධිවේගී මාර්ගයට වත්තල දෙසට, මහනුවර දෙසට හා අවිස්සාවේල්ල දෙසට ගමන් කල හැකියි. 

බේස්ලයින් මාර්ගය ඔප්ස්සේ කොළඹින් පිටවන රථවාහනවලට ඔරුගොඩවත්ත මංසන්ධියේ ඇති නව අධිවේගී මාර්ග පිවිසුමෙන් කොළඹ - ක‍ටුනායක අධිවේගී මාර්ගයට, මහනුවර දෙසට, වත්තල දෙසට හා වරාය දෙසට ගමන් කළ හැකියි. )

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu