gossiplanka alexa තුරන් කල මැලේරියා රෝගය නැවතත් ලංකාවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තුරන් කල මැලේරියා රෝගය නැවතත් ලංකාවේ

මෙරටින් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙලෙස මැලේරියා රෝගීන් හඳුනාගැණුනේ වසර 4ක්ට පසුවයි. 

හඳුනාගත් මැලේරියා රෝගීන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර  පවසන්නේ. එසේම අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට කඩිනමින් මැලේරියා පරීක්ෂණ සිදු කරන්නැයි ද අධ්‍යක්ෂකවරයා දන්වා සිටිනවා. 

'මැලේරියා' යන වචනය මුල් වරට හඳුන්වා දුන්නේ, ඉතාලි ජාතික වෛද්‍යවරයෙකු වූ ෆ්රැන්චෙස්කෝ ටෝර්ටි විසිනි. (Mala-aera) යන වචන යුගලය එක් වී මැලේරියා යන වචනය සැකසී ඇත. මැලේරියා රෝගයේ ලෝක ව්‍යාප්තිය සැළකීමේ දී අප්‍රිකානු කලාපයට විශේෂ අවධානයක් යොමු කෙරේ.අප්‍රිකාවේ දේශගුණය, භූමියේ පිහිටීම වැනි කාරණා මේ තත්ත්වයට බලපා ඇත.අප්‍රිකානු කලාපයේ 'උප සහරා කලාපයේ' මැලේරියා රෝගය බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත.මේ තත්ත්වය මෙසේ තිබියදී කොරෝනා රෝගයේ බලපෑම මැලේරියා රෝගයට එල්ල වී ඇත. මේ වන විට අප්‍රිකානු කලාපයේ රාජ්‍යයන් කොරෝනා රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අවධානය යොමු කර ඇති අවස්ථාවක මැලේරියා රෝගයේ උත්සන්න වීමක් අපේක්ෂා කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා ඇත.

මේ නිසා මැලේරියාව තුරන් කළ රටවල් වුව නැවත මැලේරියා රෝගය පිළිබඳ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයක් මතුව අැත.

දකුණු ආසියානු කලාපය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී සාර්ක් කලාපීය රාජ්‍යයන් අතරින් මැලේරියා රෝගය තුරන් කළ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින පැවතුණා. මේ අනුව පෙනී යන්නේ, මැලේරියා රෝගය තුරන් කළ රටවල් කිහිපයක් හැරුණු විට තවත් බොහෝ රටවල අදට ද මැලේරියා රෝගය පවතින බවයි. සමස්ත ලෝකය ම එකම ජාලයක් වී ඇති අද්‍යතනයේ රෝගයක ව්‍යාප්තිය ඉතා පහසුවෙන් සිදු විය හැකි ය.

තුන්වන මුගලන් රජුගේ රාජ්‍ය කාලයේ දී 'පජ්ජර' නම් රෝගයක් හේතුවෙන් මිනිසුන් මිය ගිය බව මහාවංසයේ දැක්වේ. මෙම රෝගයේ ලක්ෂණ අනුව මැලේරියා රෝගයට සමාන බවක් පෙන්නුම් කරන බව මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සඳහන් කරයි. (ශ්‍රී ලාංකේය ඉතිහාස තරංග, ඉන්ද්‍රකීර්ති සිරිවීර: පිටුව 76).

එමෙන්ම රජරට ශිෂ්ටාචාරයේ පිරිහීම සඳහා මැලේරියා රෝගය හේතු වූවා යැයි මත ඉදිරිපත් වුව ද එම මතවාද තහවුරු කිරීමට ප්‍රබල සාක්ෂි නොමැති වීම ගැටලුවකි. ලංකා ඉතිහාසයේ ඇති වූ වසංගත රෝග තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මතුවන ගැටලුවක් වන්නේ, ප්‍රබල සාධක අවම වීමයි.

ඉතා පැහැදිලි ලෙස මැලේරියා රෝගය පිළිබඳ කරුණු වාර්තා වන්නේ, විසිවන සියවසේ මුල් භාගයේ දී ය. ක්‍රි.ව. 1934-1935 අතර කාලයේ ශ්‍රී ලංකාව පුරා මැලේරියා රෝගය ව්‍යාප්ත විය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රෝගය නො වැළඳුණු පවුලක් නොමැති වන තරමට රෝගය ව්‍යාප්ත විය.⁣ මෙහිදී 80 000 කට වැඩි පිරිසක් මිය යන්නට අැති බව වාර්තා අනුව පෙනී යයි.මෙහිදී සහන සේවා කොමසාරිස්වරයෙකු පත් කර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සිදු විය. නමුත් ඇතැම් දුෂ්කර ප්‍රදේශවලට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ දී අක්‍රමිකතා සිදු විය. 

මැලේරියා රෝගයේ ව්‍යාප්තියත් සමඟ සහනාධාර බෙදා හැරීමේ වැඩපිළිවෙළට 'සූරිය මල් ව්‍යාපාරය' මැදිහත් විය. වර්ෂ 1926 ආරම්භ කළ සූරිය මල් ව්‍යාපාරය එවකට නැඟී එන දේශපාලන ව්‍යාපාරයක් විය. කොල්වින් ආර්.ද සිල්වා, ආචාර්ය එන්.එම්.පෙරේරා, දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ වැනි පිරිස්වල මූලිකත්වයෙන් සූරිය මල් ව්‍යාපාරය ඔස්සේ රෝගී වූ පිරිස්වලට සහන සැලසූහ. ඉතා දුෂ්කර කාලයක් පසු කරමින් අවසානයේ මේ වසංගතය දුරු කිරීමට හැකි විය. නමුත් වරින් වර නැවත මැලේරියා රෝගය ලංකාව තුළ හිස එස වූ බව පෙනේ.

මෙතැන් සිට මැලේරියා රෝගයේ සවභාවය පිළිබඳ හැඳින්වීමක් කිරීමට අපේක්ෂා කෙරේ. 1897 අගෝස්තු 20 දා වෛද්‍ය රොනල්ඩ් රොස් විසින් ගැහැණු ඇනෝෆිලිස් මදුරුවන්ගේ ශරීරයේ මැලේරියා පරපෝෂිතයන් සිටින බව මුල් වරට හඳුනා ගන්නා ලදී. එතැන් සිට මේ පිළිබඳ විවිධ අධ්‍යයන සිදු විය. මැ⁣ලේරියාවේ ව්‍යාප්තියට හේතු වන ප්‍රධාන පරපෝෂිතයන් දෙවර්ගයකි.

✔️ප්ලාස්මෝඩියම් ෆැල්සිපරම් (Plasmodium Falciparum)

✔️ප්ලාස්මෝඩියම් වයිවැක්ස් (plasmodium Vivax)

මේ අතරින් ශ්‍රී ලංකාවේ රෝග ව්‍යාප්තිය සඳහා බහුල ව හේතු වන්නේ, (Plasmodium Vivax) නම් පරපෝෂිත විශේෂය යි. මැලේරියා රෝගයේ රෝග වාහකයා වන්නේ, ඇනෝෆිලිස් (Anophelese) නම් මදුරුවන්ගේ ගැහැණු සත්ත්වයන් ය. ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය ව්‍යාප්ත කිරීමේ වාහකයා වන්නේ, ඇනෝෆිලිස් කියුලිසිෆසිස් (Anophelese Culicifacies) නම් මදුරු විශේෂය යි. 

මදුරුවාගේ දෂ්ට කිරීමෙන් ප්ලාස්මෝඩියම් නම් පරපෝෂිත විශේෂය අක්මාව සහ රතු රුධිර සෛල ආසාදනය කරයි. රතු රුධිර සෛල ආසාදනය වීමේ ඇති භයානක තත්ත්වය වන්නේ, රක්තහීනතාව ඇති වීමයි. මේ නිසා මැලේරියා රෝගය යනු භයානක රෝගී තත්ත්වයකි. 

ඇනෝෆිලිස් මදුරු විශේෂය ජලය රැඳෙන ස්ථානවල බෝ වෙති. එබැවින් තම නිවස අවට පිරිසිදුව තබා ගැනීම වැදගත් ය. මේ දිනවල බොහෝ පිරිස් නිවසේ විවේකීව ගත කරන නිසා තම නිවෙස් අවට පිරිසිදුව තබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත. එය ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට ද ප්‍රයෝජනවත් වනු ඇත.

මැලේරියා රෝගයේ රෝග ලක්ෂණ පහත ආකාරයට දැක්විය හැකි ය.

✔️ අධික උණ පැවතීම.

✔️අධික ලෙස දහදිය දැමීම.

✔️වමනය යෑම.

✔️පාචනය.

✔️හිසරදය ඇති වීම.

✔️රක්තහීනතාව (රතු රුධිර සෛල ආසාදනය වීම නිසා.)

මැලේරියා රෝගයේ භයානක අවස්ථාවක් වන්නේ, 'මොළේ මැලේරියා' නම් තත්ත්වය යි.මේ තත්ත්වය ඇති කරන්නේ, ' ඇනෝපිලස් ස්ටෙෆන්සයි' නම් මදුරු විශේෂය යි. මීට වසර කිහිපයකට පෙර මන්නාරම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබුවේ, මෙම මදුරු විශේෂය යි. 


උපුටා ගැනීම අන්තර්ජාලයෙන්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu