gossiplanka alexa සුපැහැදිලි දසුනෙන් රූපවාහිනී නරඹන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුපැහැදිලි දසුනෙන් රූපවාහිනී නරඹන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද (28) සවස 7.00ට නිල වශයෙන් ආරම්භ කරනවා. ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එය සැලසුම් කොට මෙහෙයවනු ලැබෙනවා. 

ලොව පුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින රූපවාහිනී විකාශන පද්ධතිය නිසා එම ප්‍රවණතාවයට අනුගත නොවුනහොත් වර්තමානයේ භාවිත තාක්ෂණය යල් පැන ගිය එකක් බවට පත් වීම වැළැක්විය නොහැකියි. මෙම අභියෝගය ජය ගැනීම සඳහාත්, නාස්තිය පි‍ටු දැක කාර්යක්ෂමතාව නැංවීම සඳහාත් රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘති සැලසුම් කරනු ලබනවා. 

ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශනය වෙත සංක්‍රමණය වීමෙන් නරඹන්නන්, විකාශකයින් සහ රජය යන පාර්ශව තුනටම ප්‍රතිලාභ අත්වනවා. එසේම රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම නිසා සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ අවස්ථාව ද ප්‍රේක්ෂකයාට උදා වනවා. එසේම බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කොට එක් ඇන්ටනාවකින් සියළු රූපවාහිනී නාලිකා ග්‍රහණය කර ගැනීමට ද ඩිජිටල්කරණය තුළින් හැකියාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu