gossiplanka alexa ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග

කිස්තානයේ සියල්කොට් නගරයේ දී ඉතා කුරිරු අන්දමින් ඝාතනය කර දැමූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ රජයේ වියදමින් අද දිවයිනට ‍රැගෙන ඒමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙන පරිදි සිරුර ලංකාවට ‍රැගෙන ආ පසු මීගමුව රෝහලෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි විදේශ සේවා නියුකිත් කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසන්නේ. 

පරීක්ෂණයෙන් අනතුරුව දේහයේ අවශේෂ කොටස් පවුලේ ඥාතීන්ට භාර දීමට නියමිතයි. මින් ඉදිරියට ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍යකරන යම් ප්‍රතිපාදනයක් ලබා දීමට කාර්යාංශය මඟින් කටයුතු කරන බව ද  රන්දෙණිය මහතා පවසනවා. එසේම පකිස්තාන් රජය මඟින් මේ සම්බන්ධයෙන් ලබාගත හැකි උපරිම වන්දි ප්‍රමාණය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දන්වා ඇති බව රන්දෙණිය මහතා ප්‍රකාශ කළා. 

මේ වන විට ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් 124 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එම පුද්ගලයින් 13 දෙනා අද ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu