මීට පෙර ද ඉල්ලා අස්වීමේ ලිපියක් යොමුකර තිබුණ ද එය ජනාධිපතිවරයා විසින් පිළිගෙන නොති බූ අතර දෙවන වරට ඉදිරිපත් කල ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරගෙන තිබෙනවා. එම ලිපියෙහි පී.බී ජයසුන්දර මහතා පිටු 4කින් යුතුව දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
නව ජනාධිපති ලේකම්වරයා ලෙස දැනට නාමයෝජනා තුනක් ඉදිරිපත් වී තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක සහ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන එස් අමරසේකර එම නාම යෝජනා තුනයි.

