gossiplanka alexa පකිස්තාන් අගමැතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තාන් අගමැතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන  ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස  ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වී තිබෙනවා. ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් පාකිස්තාන අග්‍රමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ  දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බවයි. 

සිදුවීමට අදාළ සියලු වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන ඇත. සැකකරුවන් 113 දෙනෙක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි පිරිස් ද සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව පාකිස්තාන අග්‍රමාත්‍යවරයා සඳහන් කරනවා. 

දීර්ඝකාලයක් පුරා පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා කළමණාකරුවෙකු ලෙස ඉතා ඉහළ වෘත්තීය නිපුණත්වයක් පෙන්වූ අයෙකු බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා සමග පැවසීය.

අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර නීතියෙන් ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත්, සාධාරණය ඉටුකර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. 

president media notice





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu