gossiplanka alexa ඔමික්‍රෝන් අරාබියටත් යයි, ලංකාවෙත් ආසාදිතයින් සිටිනවාදැයි පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් අරාබියටත් යයි, ලංකාවෙත් ආසාදිතයින් සිටිනවාදැයි පරීක්ෂණ

කුණු අප්‍රිකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගේන් හතරෙන් තුනක්ම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට දකුණු අප්‍රිකාවේ සීඝ්‍රයෙන් එම වෛරස් ප්‍රභේදය පැතිර යමින් තිබෙනවා. 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද ආසාදිතයින් හමු වූ රටවල් අතරට අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් එක්වුණා. එම කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් පළමුවරට එරටින් හඳුනාගෙන තිබෙන අතර ඇය අප්‍රිකානු රටකින් පැමිණි අයෙක් බවයි වාර්තා වන්නේ. නමුත් කුමන රටකින් ඇය පැමිණියා ද යන්න මෙතෙක් ප්‍රකාශ වී නැහැ. 

මේ වන විට ලොව රටවල් 29කින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමු වී තිබෙනවා. 

මෙම ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ද ව්‍යාප්ත වී ඇත්ද යන්න සොයා බැලීම සඳහා  ජානමය අනුක්‍රමණ විශ්ලේෂණ පරීක්ෂණයක් සිදුකරමින් පවතිනවා. කොවිඩ් ආසාදිතයින් 96 දෙනෙකුගේ ජෛව සාම්පල් මේ වන විටත් ජාන අනුක්‍රමණ විශ්ලේෂණය කිරීම ආරම්භ කර ඇති බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ. මේ සති අන්තය වන විට එහි නවතම වාර්තාව නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි ආචාර්ය චන්දිම ජයසුන්දර කියා සිටින්නේ. 

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන ඔම්ක්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මෙරටට ද පැමිණීම 100%ක් සම්පූර්ණයෙන් නවතාලිය නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu