gossiplanka alexa ඔමික්‍රෝන්හි විකෘතිතා 32ක්, නුදුරු අනාගතයේ දී මාරාන්තික වසංගත පැමිණිය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන්හි විකෘතිතා 32ක්, නුදුරු අනාගතයේ දී මාරාන්තික වසංගත පැමිණිය හැකියි

ත්මන් කොවිඩ් 19 වසංගතයට වඩා මාරාන්තික වසංගත නුදුරු අනාගතයේ දී ඇතිවිය හැකි බව Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරයෙකු ප්‍රකාශ කරනවා. දැනටමත් කොවිඩ් 19 වසංගතයෙන් ලොව පුරා මිලියන 5.26ක ජනතාවක් මිය ගොස් ඇති බවත් ඩොලර් ට්‍රිලියන ගණනක මුදලක් ආර්ථිකයෙන් අතුගා දැමීමට සමත්ව ඇති බවත් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා. 

ඉදිරියේ දී මීට වඩා බරපතල වෛරස පැමිණිය හැකි බවය්ජ් ඒවා ඉක්මණින් බෝවන සහ ඉතා මාරාන්තික විය හැකි බවත් රිචඩ් ඩිම්බල්බි දේශනයට එක්වෙමින් Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරයෙකු වන සාරා ගිල්බට් ප්‍රකාශ කර සිටිනවා. 

එම දේශනයේ දී ඇය වැඩි දුරටත් කියා සිටියේ දැනට සොයා ගෙන ඇති ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනය වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තිවෘ කර ඇති බවයි. 

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් මේ වන විට හඳුනාගෙන තිබෙන බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවනවා. එය ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේදවල විකෘතිතා සංඛ්‍යාව පවා ඉක්ම ගොස් ඇති බවයි ඒ මහතා පවසන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 23ක් ද ඇල්ෆා ප්‍රභේදයේ විකෘතිතා 8ක් ද වාර්තා වී තිබූ බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා වැඩි දුරටත් කියා සිටිනවා. මෙය බෝවීමේ සීඝ්‍රතාව පිළිබඳ තවමත් හරියාකාරව කිව නොහැකි බවයි ඒ මහතා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu