gossiplanka alexa ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය අමෙරිකාව ආක්‍රමණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය අමෙරිකාව ආක්‍රමණය කරයි

මෙරිකා එක්සත් ජනපදයෙන් ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබෙනවා. එම පුද්ගලයා පසුගිය 22 වන දින දකුණු අප්‍රිකාවේ සිට කැලිෆෝනියා ප්‍රාන්තය වෙත පැමිණි අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඔහු ඇමරිකාවට පැමිණ දින 7කින් පසුව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන තිබෙනවා. 

මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් තො‍ටුපලවල සිදු කරන කොරෝනා පරීක්ෂණ ක්‍රියාවලියන් දැඩි කර ඇති බවයි පැවසෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදයෙන් අමෙරිකාව ඉතා පීඩාවට පත්ව සිටින මොහොතක මෙසේ ඔමික්‍රෝන් ප්‍රභේදය අසාදිතයෙකු ද එරටින් හමුවීමෙන් බැරෑරුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගත වූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සහ කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. වාර්තා වූ මරණ ගණන 1494ක් වන තර ආසාදිතයින් 112,800ක් හඳුනාගෙන තිබෙනවා. 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 24කින් හමු වී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්. පෙරේදා දිනට සාපේක්ෂව දෙගුණයකින් මේ වන විට ආසාදිතයින් ඉහළ ගොස් තිබෙනවා. 

ආසියා කලාපයේ හොංකොං රාජ්‍යය, ජපානය හා දකුණු කොරියාවෙන් ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයින් හමු වී තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu