gossiplanka alexa ත්‍රි පෝෂ නිෂ්පාදනය නවතින ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ත්‍රි පෝෂ නිෂ්පාදනය නවතින ලකුණු ?

දෛනිකව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 70ක් පමණ අවශ්‍ය වනවා. නමුත් 2021 වසරේ දී සැපයිය හැකි බඩ ඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 570ක් බව දිස්ත්‍රික් ලේකම්වරු ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට දැනුම් දී තිබුණා. 

එම ප්‍රමාණය සතියකටවත් ප්‍රමාණවත් නොවන බැවින් බඩ ඉරිඟු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කිරීමට රජය පසුගිය අගෝස්තු 24 වන දින තීරණය කලා. 

මේ වන විට එයින් ආනයනය කර ඇත්තේ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2500කි. මේ හේතුව නිසා ත්‍රි පෝෂ නිෂ්පාදනයේ අඩුවීමක් ඇති විය හැකි බව වාර්තා වනවා. 

එසේම ත්‍රි පෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍යවන පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් සපයා ගැනීමට ද මෙතෙක් හැකි වී නැහැ. කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225කින් ඉහළ නැංවීම නිසා කිරිපිටි සැපයිය හැක්කේ රුපියල් 1145 වැනි මිලකට බව මිල්කෝ සමාගම දැනුම් දී තිබීම ඊට හේතු වී ඇති බව පැවසෙනවා. මෙම හේතූන් සියල්ලම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය නවතින ලකුණු පහළ වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu