gossiplanka alexa මහනුවර තවත් පාසැල් සිසුවියක් සිය දිවිනසාගෙන, සිද්ධි අතර සම්බන්ධයක් ඇත්දැයි සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහනුවර තවත් පාසැල් සිසුවියක් සිය දිවිනසාගෙන, සිද්ධි අතර සම්බන්ධයක් ඇත්දැයි සැකයක්

හනුවර ප්‍රධාන පෙලේ බාලිකා පාසලක සිසුවියක් මහවැලි ගඟට පැන සිය දිවි නසා ගැනීමේ පුවත ගැන උණුසුම පහව යාමටත් මත්තෙන් එම පාසලේම තවත් සිසුවියක් තම සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වනවා. 

ගලහ අන්නාසිවත්ත පදිංචි 19 හැවිරිදි දැරියක් වන ඇයට ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් දෙමව්පියන් තරව‍ටු කිරීම නිසා මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවයි පැවසෙන්නේ. මෙම දැරිය නිවසටත් නොදන්වා ජංගම දුරකතනයක් භාවිතා කර ඇති අතර  එහි තිබූ කෙටි පණිවිඩයක්  ඇයගේ සහෝදරයාට සහ දෙමව්පියන්ට හසු වී තිබෙනවා. ඒ පිළිබඳව දැරියට දැඩි සේ දෙමව්පියන් අවවාද කර ඇති අතර එයට උරණ වූ දැරිය මෙසේ සිය දිවි හානිකරගෙන ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ. 

දැරිය නානකාමරයට ගොස් දොර අඟුළු දමා ගෙන භූමිතෙල් කෑන් දෙකක් සිරුරට දමා ගනිමින් ගිනි තබාගෙන ඇතැයි විමර්ශන වලදී හෙළි වී තිබෙනවා. මෙම සිදුවීම සිදු වී ඇත්තේ පසුගිය 15 වන දින උදෑසන 10.30ට පමණය. 

මියගිය දැරිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටියා. ඇයගේ මව ගුරුවරියක් වන අතර පියා ගලහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවයි පැවසෙන්නේ. 

මහවැලි ගඟට පැන සිය දිවි නසාගත් බව කියන දැරියගේ සිද්ධිය සහ මෙම සිද්ධිය අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්ද යන්න සැක පවතින බැවින් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරන බවයි පොලීසිය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu