gossiplanka alexa ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තොත් රට අනතුරට වැටෙන්නේ කොහොමද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තොත් රට අනතුරට වැටෙන්නේ කොහොමද ?

ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලෙන් ණය ගැනීමෙන් රටට සිදුවන හානි පිළිබඳව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කරුණු දක්වා තිබෙනවා. 

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙල් රටක් ණය ගන්නේ කරන්නම දෙයක් නැති වුණාම. එහෙම ණයක් ගනිද්දි අයි.එම්.එෆ් ප්‍රතිපත්තිවලට අනුව තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඒ ප්‍රතිපත්තිවලට අනුව,

සියළුම රාජ්‍ය දේපළ දේශීය හෝ විදේශීය පෞද්ගලික සමාගම්වලට මිලදී ගැනීමට ඉඩ දිය යුතුයි.

රටේ සුභ සාධන කටයුතු වෙනුන්වෙ කරන වියදම් ටිකෙන් ටික අඩු කළ යුතුයි

දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා කරන සියළුම ආනයන අත් හල යුතුයි.

බරපතලම කොන්දේසිය වන්නේ රුපියලේ වටිනාකම සාමාන්‍යයෙන් වෙළඳපොළේ තීන්දුවන ආකාරයට තීන්දු වීමට ඉඩ හැරිය යුතු වීමයි.

මේ විදියට ප්‍රතිපත්ති ගණනාවක්ම තියනවා. ඒක නිසා මේ විදියට ණය ගත්තොත් ඒක පරම්පරා හතකටම හෙණ ගහන වැඩක් වෙනවා. එහෙම ණයක් ගත්තොත් එක මොහොතක්වත් මම මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ" වාසුදේව නානායක්කාර මහතා පවසා තිබෙනවා. 

අපිට දැනට තියන ප්‍රධානම ප්‍රශ්නය ඩොලර් හිඟය නිසා  අපේ ඩොලර් ඉපයීම් එනතුරු අපේ මිත්‍ර රටවල් එක්ක තාවකාලික අතමාරු ගිවිසුම් ඇති කර ගැනීම අපේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කර ගැනීම ආදී විසඳුම් වලට අපට යන්න පුළුවන්"  අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu