gossiplanka alexa පළාත් පාලන ඡන්දයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළාත් පාලන ඡන්දයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

ළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20වනදායි අවසන් වනවා. පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වීමට මාස 6කට පෙර ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව තිබෙනවා. 

පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයාට පළාත් පාලන ආයතනවල නිල කාලය කෙටි කිරීමට හෝ දීර්ඝ කිරීමට බලය පවතින අතර අදාළ අමාත්‍යවරයා පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ නොකළහොත් නියමිත පරිදි ඡන්දය පැවැත්වීම සිදු කල යුතුවනවා. 

එම තත්ත්වය යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ ව්‍යවස්ථාපිත කටයුතුවල මූලික කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස සියළුම දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ඡන්දය විමසීමේ මූලික කටයුතුවල අදාළ ආකෘති පත්‍ර සකස් කිරීම,  ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කොට ඒවායේ අඩුපාඩු හඳුනා ගැනීම, නිලධාරී හා වාහන සංගණන කටයුතු සහ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු ආදී සියළුම කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම දිස්ත්‍රික්ක වල නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu