gossiplanka alexa දැදුරු ඔයේ වාන් දොර‍ටු විවෘත කරයි, අවදානම් තත්ත්වයක් ගැන නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දැදුරු ඔයේ වාන් දොර‍ටු විවෘත කරයි, අවදානම් තත්ත්වයක් ගැන නිවේදනයක්

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු 8ක් මේ වන විට අඩි 5 බැගින් විවෘත කර තිබෙනවා. එමඟින් තත්පරයට ඝන අඩි 28,000ක ධාරිතාවයකින් ජලය නිකුත් කරමින් පවතින බවයි සඳහන් වන්නේ. 

එම නිසා කුරුණෑගල පාදෙනිය හරහා අනුරාධපුර මාර්ගය ( ඇල්ල මාර්ගය) මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම පුත්තලම, නිකවැරටිය මාර්ගය නිකවැරටිය පාලම අසලින් යටවීමට ඉතාම ආසන්න තත්ත්වයේ පවතිනවා.

මෙමගින් බිංගිරිය, රස්නායකපුර, නිකවැරටිය, කොබෙයිගනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවධානම් කලාපවල වෙසෙන ජනතාවට හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් යට වූ මාර්ග සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් දැනුම් දී  තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu