gossiplanka alexa දිස්ත්‍රික්ක පහකින් කොරෝනා පොකුරු, දීර්ඝ සති අන්තය නිසා නැවතත් රට වසා දැමීමට සිදුවෙයිද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිස්ත්‍රික්ක පහකින් කොරෝනා පොකුරු, දීර්ඝ සති අන්තය නිසා නැවතත් රට වසා දැමීමට සිදුවෙයිද ?

පොහොය දිනය ද ඇතුළත්ව පවතින දීර්ඝ සති අන්තයේ  රටපුරා විනෝද චාරිකා ගමන්වල යෙදෙන නිසා පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවගේ හැසිරීම ඉතා අසතු‍ටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

එසේ විනෝද චාරිකා සඳහා සහභාගීවන පිරිස කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය කරනු දැක ගත නොහැකි බවයි ඔවුන් පවසන්නේ, 

මේ හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය රට තුළ නැවතත් වර්ධනය වී යළි රට වසා දැමීමේ තත්ත්වයක් ඇති වේ යයි එම සංගමය අනතුරු අඟවනවා. 

මේ අතර දිස්ත්‍රික්ක පහක කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුරාධපුර, හම්බන්තොට, අම්පාර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින්. 

මංගල උත්සව, පින්කම්, මළ ගෙවල් සහ මහජන ඒකරාශීවීම් ආශ්‍රිතව මෙම කොරෝනා පොකුරු හඳුනාගෙන තිබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ. 

හැකිතාක් මහජන ඒකරාශීවීම් වලින් වළකින ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu