gossiplanka alexa 2022 අයවැය අද පාර්ලිමේන්තුවට, අනුමැතිය ලබාගැනීමට නියමිත යෝජනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 අයවැය අද පාර්ලිමේන්තුවට, අනුමැතිය ලබාගැනීමට නියමිත යෝජනා

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවනවර කියවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කරනු ලබනවා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්. අයවැය කතාව පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙයයි.

මෙම පනත් කෙටුම්පත ඔක්තොම්බර් මස 07 වැනිදා පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29  දින ගැසට් පත්‍රයේ පළ කෙරුණු ලැබුවා. 

මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අටදහසක් වන ආණ්ඩුවේ වියදම්වලට අදාළ පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii  පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර, බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වනවා. 

නොවැම්බර් 13 සෙනසුරාදා  සිට  නොවැම්බර් 22 සඳුදා  දක්වා  දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ. නොවැම්බර් 22 වැනි සදුදා ප.ව. 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 23 වැනි අඟහරුවාදා  සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. දෙසැම්බර් 10 වන දින ප.ව. 5.00ට තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද  විකාශය කෙරෙනවා. 

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද (12) සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරනවා. 

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට සහභාගිවීමට අවසර ලබා දී  තිබෙනවා. හෙට දිනයේදී ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරෙනවා. හෙට ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ දෙවැනි අයවැය ලේඛනයයි. අයවැය කථාව සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය පැවැත්වේ. එහෙත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇති. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu