gossiplanka alexa විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දීමක්

ක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. 

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් පි‍ටුවෙහි තැබූ සටහන පහතින්.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු එකතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මොවුන් එකතුවීමත් සමඟ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ලෝක කුසලාන සංචිතය ක්‍රීඩකයින් 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව ලෝක කුසලානය සඳහා සහභාගිවන කණ්ඩායමේ උපරිම සාමාජිකයින් සංඛ්‍යාව 15 ක් විය යුතු වුවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු සංචිතයේ තබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහෙත් හදිසි ආබාධයක් හෝ අවශ්‍යතාවයක් මතුවුවහොත් විකල්ප ලෙසින් අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු සංචිතයේ රඳවා ගැනීම සඳහා තේරීම් කමිටුව විසින් කරන ලද ඉල්ලීම සලකා බලා පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයින්වද ලෝක කුසලාන තරගාවලිය සඳහා රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදනු ලැබීය.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිත අතර කණ්ඩායමේ සියළුම සාමාජිකයින් ඔක්තෝබර් 03 වැනිදා ඕමානය බලා පිටත්ව යනු ඇත.

දකුණු අප්‍රිකානු තරග සංචාරය අතර තුරදී බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුශංකගේ ආබාධිත තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ.

ළහිරු මදුශංකගේ ස්ථානයට ආදේශ කරන්නේ කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුවට ඕමානයට එරෙහිව පැවැත්වෙන තරග 2 ඉතිරිව තිබේ. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරනු ලබන අවසන් 15 දෙනා සංශෝධනය කිරීමේ හැකියාව ඔක්තෝබර් 10 වැනිදා දක්වා සිදුකළ හැකි වන අතර එදිනට පසුවද ආබාධයන් වලට ගොදුරුවන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශ ක්‍රීඩකයින් ඉදිරිපත් කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට හිමිව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 23 දෙනා අතරින් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර හැර අනෙක් ක්‍රීඩකයින් 21 දෙනෙකු ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා සිට ජෛව බුබුළු පරිසරයක් යටතේ පුහුණු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වූහ. අයි.පී.එල්. තරගාවලිය යටතේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය නියෝජනය කරනු ලබන වනිඳු සහ දුෂ්මන්ත ශ්‍රී ලංකා පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමෙන් පසු එකතු වනු ඇත.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. එහි ප්‍රතිවාදීන් වන නැමීබියාවට එරෙහිව ඔක්තෝබර් 18 වැනිදා ද අයර්ලන්තයට එරෙහිව 20 වැනිදාද නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද තරග වදිනු ඇත. සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ පළමු ස්ථානයට පත් වන කණ්ඩායම ප්‍රධාන තරගාවලිය ‘ඒ’ කාණ්ඩයද දෙවැනි ස්ථානයට පත් වන කණ්ඩායම ‘බී’ කාණ්ඩයටද ඇතුළත් වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථානයෙන් සුදුසුකම් ලැබීමේ වටය අවසන් කළහොත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද දෙවැනි ස්ථානයට පත් වුවහොත් ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත්වනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ප්‍රධාන සංචිතය – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ.

සංචිතයට ඇතුළත් අතිරේක ක්‍රීඩකයින් – ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග.

අතිරේකව සංචිතයට එක් කළ ක්‍රීඩකයින් – මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්."


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu