gossiplanka alexa මාළුන්ට කෑම දැමීමට ගොස් මරු වැළඳගත් දරුවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාළුන්ට කෑම දැමීමට ගොස් මරු වැළඳගත් දරුවා

දිනපතා මාළුන්ට කෑම දැමීමට පුරුදුව ඇති අවුරුදු 11 දරුවෙකු එසේ මාළුන්ට කෑම දැමීමට යාමේදී මිය ගිය පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තාවනවා. 

හොරණ, මොරගහහේන පොලිස්වසමේ ඔලබොඩුවත්ත ප්‍රදේශයේ පදිංචි පසිඳු ලක්ෂිත නම් මෙම දරුවා දිනපතා සිය නිවස අසළ ඇති අඩි 12ක් පමණ ගැඹු‍රැති ළිඳක සිටින මාළුන්ට කෑම දැමීමට පුරුදුව සිටියා. පසිඳු නූලක ආධාරයෙන් මාළුන්ට කෑම දමා තිබෙන අතර එසේ කෑම දමන අවස්ථාවේ දී පය ලෙස්සා ගොස් ළිඳට වැටෙන්න ඇතැයි සැක කෙරෙනවා. 

දරුවා දිනපතා ළිඳ ළඟට යන නිසා එදින ද ඔහු කෑම දැමීමට ගොස් ඇතැයි නිවැසියන් සිතා තිබෙනවා. එහෙත් බොහෝ වෙලා යනතුරු දරුවා ආපසු නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව විපරම් කිරීමේ දී දරුවාගේ පාවහන් යුවල දැක ඇති අතර නිසැකයෙන්ම ඔහුට අනතුරක් සිදු වී ඇතැයි සැකකර තිබෙනවා. වහාම ප්‍රදේශවාසීන් ළිඳ තුළ සෝදිසි කිරීම් සිදු කර ඇති අතර එහිදී දරුවා සොයාගෙන වහාම ඔහු රෝහල වෙත ‍රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ. 

රෝහල වෙත ගෙන යන විටත් දරුවා මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. 

"ළිං ගැට්ට උඩට ඇවිත් තමයි දරුවා හැමදාම ළිඳේ ඉන්න මාළුන්ට කෑම දෙන්නේ. ප්‍රවේසමක් නැතුව වැඩ කරන්නෙත් නෑ. ළිං ගැට්ට උඩ ඉදං නූලක් ආධාරයෙන් ළිඳේ ඉන්න මාළුන්ට හැමදාම කෑම දාන පුතාට සිදු වූ මේ විපත අපට අදහාගන්න බෑ" නිවැසියන් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu