gossiplanka alexa දකුණු අප්‍රිකානු ප්‍රභේදය පැතිරීම 300%ක්, 18 දක්වාවත් රට වහන්න ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකානු ප්‍රභේදය පැතිරීම 300%ක්, 18 දක්වාවත් රට වහන්න ඉල්ලීමක්

කුණු අප්‍රිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන C.1.2 කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එහි පැතිරීමේ වේගය 300%ක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම නිසා මෙරටට වෛරසය ඇතුළුවන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණ වේලාසන ගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ. 

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද ඉතා වේගයෙන් පැතිරයන මෙවන් අවස්ථාවක දකුණු අප්‍රිකානු ප්‍රභේදය ද රට තුළ පැතිර ගියහොත් රටෙහි තත්ත්වය අතිශයින් බරපතල විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරන්නේ කොවිඩ් වෛරසය ආසාදිතයින් වාර්තා වීම තවදුරත් අඩු කිරීමට නම් දැනට පවතින සංචරණ සීමා සැප්තැම්බර් 18 දින දක්වාවත් පවත්වා ගෙන යා යුතු බවයි. 

සංචරණ සීමා ඉතා දැඩි ආකාරයකින් ක්‍රියාත්මක නොවුනත් ඒ මඟින් හෝ වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ අඩු වීමක් දක්නට තිබෙන බැවින් පවතින ආකාරයෙන් හෝ 18 වන දින දක්වා එය පවත්වාගෙන යාම සුදුසු බව ඔවුන් පෙන්වා දෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu