gossiplanka alexa බස්නාහිර පළාතේ තත්ත්වය දරුණුයි - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ජනපතිට ලිපියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතේ තත්ත්වය දරුණුයි - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ජනපතිට ලිපියක්

මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ඉහළ යාමත් සමඟම ඔවුන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය අංශ සාමාජිකයින්ට ද කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය යාන්ත්‍රණයේ කඩා වැටීමේ අවදානමක් ඇති විය හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ. 

එම නිසා දැනට පවතින තත්ත්වය පාලනය කිරීමට මෙන්ම සෞඛ්‍ය අංශ ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ජනාධිපතිවතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා. 

එසේම විනෝදාස්වාද සඳහා ස්ථාන විවෘත කිරීම, සමාජීය උත්වස, සංචරණ සීමා ඉවත් කිරීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, ආගමික ස්ථාන විවෘත කිරීම සහ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වැනි කටයුතු සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීම කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමට හේතු වී ඇති බව  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එම ලිපියෙන්

පෙන්වා දෙනවා. 

දැනට සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරසයට හේතුව ඩෙල්ටා ප්‍රභේදය බවත් බස්නාහිර පළාත තුළ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන මෙම ඩෙල්ටා ප්‍රභේදය කෙටි කලකින් දිවයිනේ සෙසු පළාත් ද ආක්‍රමණය කල හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවනවා. වැඩිවන කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් මේ වන විට රෝහල්වල සාමාන්‍ය වාට්‍ටු ද කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරී පවතින බැවින් ආසාදිතයින්ට නිසි ප්‍රතිකාර ලබා දීමට වෛද්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ජනාධිපතිවරයාට යොමු කල ලිපියෙන් අවධාරණය කර ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu