gossiplanka alexa වෙළඳ ඇමතිතුමාටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි, ජනාධිපති, අගමැති ඇතුළු බොහෝ පිරිසක් පළමුපෙළ ආශ්‍රිතයින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙළඳ ඇමතිතුමාටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි, ජනාධිපති, අගමැති ඇතුළු බොහෝ පිරිසක් පළමුපෙළ ආශ්‍රිතයින්

යේ (27) සිදුකල පරීක්ෂණයෙන් තමන්ට කොවිඩ් 19 රෝගය  වැළඳී ඇතැයි තහවුරු වූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. 

''මාගේ කාර්ය මණ්ඩලයේ  නිලධාරීන් කිහිප දෙනෙකු හට මේ වන විට කොවිඩ් 19  රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ අද දින සිදු කළ rapid antigen පරීක්ෂණ වාර්තාව අනුව මා හට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය. එබැවින් පසුගිය සතියක කාලය තුළ (2021-08-20) දින සිට මේ දක්වා මා සමඟ රාජකාරී ඉටුකළ රජයේ නිලධාරීන්, හිතවතුන් ඇතුළු සියළු දෙනාම ස්වයං නිරෝධායනයට ලක් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

රට මුහුණ දෙන ව්‍යසනකාරී තත්වය හමුවේ ඔබේත් සමස්ත මහජනතාවගේත් ආරක්ෂාව පිණිස මෙසේ නිරෝධායනයට ලක් වීම අප සැමගේ වගකීම බව ද සිහිපත් කරමි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන,

වෙළෙඳ අමාත්‍ය

2021.08.27''

මේ අතර ඊයේ පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා ‍රැස්වීමට ද බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වී තිබුණා. එම ‍රැස්වීම සඳහා ජනාධිපති, අගමැති, මුදල් ඇමති, සෞඛ්‍ය ඇමති, හමුදාපති, පොලිස්පති ඇතුළු බොහෝ පිරිසක් එක්වුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu