gossiplanka alexa නෞකාවේ පි‍ටුපස කොටස ගැඹුරු මුහුදට ගිලා බසී, ඇදෙගෙන යාමේ කටයුතු නවතා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නෞකාවේ පි‍ටුපස කොටස ගැඹුරු මුහුදට ගිලා බසී, ඇදෙගෙන යාමේ කටයුතු නවතා දමයි

ක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පි‍ටුපස කොටස මීටර් 22ක් වූ ගැඹුරු මුහුද පත්ලට කිඳා බැස තිබෙනවා. මේ හේතුවෙන් නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදෙගෙන යාමේ කටයුතු නතර කිරීමට නෞකාව ගලවා ගැනීමේ සමාගම පියවර ගෙන ඇති බව සඳහන්. 

නාවික හමුදාව නෞකාවෙන් තෙක් කාන්දුවක් සිදුවන්නේ දැයි අවධානයෙන් පසුවන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. යම් අවස්ථාවක දී නෞකාවෙන් තෙල් කාන්දුවීමක් සිදු වුවහොත් ඇතිවන බලපෑම අවම කර ගැනීම සඳහා වෙරළාරක්ෂක බලකායේ "සාමාරක්ෂක" නෞකාව මේ වන විට අදාළ ප්‍රදේශයේ ස්ථානගත වී ඇති බව වාර්තා වනවා. එසේම ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් සූදානම් කර තිබෙනවා. 

මේ අතර පානදුරේ සිට කොච්චිකඩේ දක්වා මුහුදු කලාප්යේ ධීවර කටයුතු සිදු නොකරන ලෙස ධීවර අමාත්‍යාංශය විසින් දැනුම් දෙනවා. යම් හෙයකින් නැවෙහි කිසියම් පිපිරීමක් සිදුවුවහොත් ඉන් ධීවරයින් ආරක්ෂා කර ගැනීමට මෙම පියවර ගත් බව ධීවර අමාත්‍යාංශය පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu