gossiplanka alexa රජයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ලවූ බවට අසත්‍ය ප්‍රචාර පලකළ තරුණයෙක් රිමාන්ඩ්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ලවූ බවට අසත්‍ය ප්‍රචාර පලකළ තරුණයෙක් රිමාන්ඩ්

man-remanded-for-posting-cyber-attacks-on-government-websites
නාධිපති කාර්යාලය ඇතුළුව රජයේ ප්රාධාන වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පලකළේ යයි සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු විසින්”ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සැකකරුගේ වෙබ් පිටුවේ පළකර ඇතැයි සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමින් සමාජ මාධ්‍ය පිටුවක් ඔහු විසින් පවත්වාගෙන යන බව එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියා.

සැකකරු විසින් සිදුකළ එම අසත්‍යය ප්‍රචාරය තුළින් ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද බරපතළ අගතියක් සිදු වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කරුණු දක්වා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu