gossiplanka alexa කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ තවත් මාරාන්තික විකෘති ප්‍රභේදයක්, ලෝකයම දැඩි අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ තවත් මාරාන්තික විකෘති ප්‍රභේදයක්, ලෝකයම දැඩි අවදානමක

covid strain delta plus world dangerන්දියාවෙන් මුල්වරට හඳුනාගන්නා ලද ඩෙල්ටා නම් කොවිඩ් විකෘති ප්‍රභේදයෙන් ද්විතියික විකෘතියක් හට ගෙන ඇති බවත් එම නව වෛරස් ප්‍රභේදය ද ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින බවත් අනාවරණය වී තිබෙනවා. 

මෙම වෛරස් ප්‍රභේදය 'ඩෙල්ටා ප්ලස්' නමින් හඳුන්වා දී ඇති අතර මෙම ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යන නිසා වඩාත් දරුණු තත්ත්වයක් ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. 

මේ වන විට එක්සත් රාජධානියෙන් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිතයින් 63 දෙනෙකු ද ඉන්දියාවෙන් 6 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව සඳහන්. ඊට අමතරට යුරෝපයේ වෙනත් රටවල් කිහිපයකින් ද ආසියාවෙන් සහ අමෙරිකාවෙන් ද මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. 

මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය කොව්ඩ් එන්නත්කරණ වැඩපිළිවෙලට මෙන්ම කොවිඩ් සාර්ථකව මර්දනය කළ රටවල්වලට පවා විශාල අභියෝගයක් වී ඇති අතර බ්‍රිතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් ඇල්ෆා ප්‍රභේදයට වඩා 60%ක වේගයකින් පැතිරයන බව සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. එසේම මෙම ප්‍රභේදය වේගයෙන් පැතිර යාම නිසා ලෝකයට වඩාත් දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙතැයි ඔවුන් බිය පළ කර සිටිනවා. 

මෙම විකෘති ප්‍රභේදය හමුවේ කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පසුවත් මුහුණු ආවරණ දෙකක් පැළඳීම වැදගත් බව වෛද්‍යවරු අවධාරණය කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu