gossiplanka alexa කොරෝනා නිසා අසාධ්‍ය වන රෝගීන්ට අළුත් බලාපොරොත්තුවක්, ලංකාවේත් අනුමැතිය හිමිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා අසාධ්‍ය වන රෝගීන්ට අළුත් බලාපොරොත්තුවක්, ලංකාවේත් අනුමැතිය හිමිවේ

කොරෝනා මර්දනය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාරයක් වන REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය, හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම  ප්‍රතිකාරකය ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන ස්විට්සර්ලන්තයේ Roche සමාගම සහ එක්සත් ජනපදයේ Regeneron සමාගම විසින් හඳුන්වා දී ඇති අතර එය දැනට ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් හදිසි භාවිතයට ගනු ලබනවා. 

ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඉන්දියාව, ඉතාලිය, නෙදර්ලන්තය, ස්වීඩනය, බෙල්ජියම, එස්තෝනියාව, චෙක් රිපබ්ලික්, අයිස්ලන්තය, ස්විස්ට්සර්ලන්තය, ඊශ්‍රායලය සහ සර්බියාව එම රටවල් වනවා. 

මෙම ප්‍රතිකාරය මෙරට තුළ ලබා දීමට දැනට තීරණය වී ඇත්තේ වයස අවුරුදු 12ට වැඩි කොවිඩ් 19 රෝගය වැළඳී අවදානම් තත්ත්වයට පත්විය හැකි අඩු ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින්ටය. ඒ අනුව කොවිඩ් ආසාදිතව ඇති

  • පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට
  • පෙනහළු රෝගීන්ට
  • දියවැඩියා රෝගීන්ට
  • ඇට මිදුළු බද්ධ කිරීමක් හෝ වෙනත් අවයව බද්ධ කිරීමක් සිදු වී ඇති පුද්ගලයින්ට
  • හදවත් රෝගීන්ට
  • වයස අවුරුදු 60ට වැඩි රෝගීන්ට

මෙම ප්‍රතිකාරය සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය නිසා කොවිඩ් 19 ආසාදිතව රෝහල්ගතවන අවදානම 70%ක් අඩු කර ගත හැකි බව පර් යේෂණ වලින් සොයා ගෙන තිබෙනවා. එසේම රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 81%කින් ද රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් 31%කින් ද අවම කර ගැනීමට මෙම ප්‍රතිකාරයට හැකි අතර ඔක්ෂිජන් සැපයීම අත්‍යාවශ්‍ය වීම වැළැක්වීමට ද මෙම ඖෂධයට හැකියාව පවතිනවා. 

REGN-COV2 ප්‍රතිදේහයන් විශේෂ ආකාරයකට නිර් මාණය කර ඇති නිසා එම ප්‍රතිකාරයට කොවිඩ් 19 වෛරසයේ වෙනස් වන ප්‍රභේදයන්ට සාර්ථකව මුහුණ දීමට හැකියාව පවතින අතර නව ප්‍රභේද කොතෙක් පැමිණිය ද එය නොවෙනස්ව පවතිනවා. 

මෙම ප්‍රතිදේහ මිශ්‍රණය මෙරටට ගෙන්වනු ලබන්නේ SLIM Pharmaceuticals පෞද්ගලික සමාගම  විසින්. 

හිටපු අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට කොවිඩ් වෛරසය ආසාදනය වූ අවස්ථාවේ දීද මෙම ප්‍රතිකාරය සාර්ථකව යොදා ගෙන තිබෙනවා. 



















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu