gossiplanka alexa රුසියාවෙන් සහ චීනයෙන් ලංකාවට එන්නත් තොගයක්, ඉන්දියා එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවෙන් සාකච්ඡා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවෙන් සහ චීනයෙන් ලංකාවට එන්නත් තොගයක්, ඉන්දියා එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවෙන් සාකච්ඡා

මෙරට ජනතාව කොවිඩ් වෛරසයෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමති මහාචාර් ය චන්න ජයසුමන මහතා පවසනවා. 

මේ යටතේ ස්පුට්නික් එන්නත් ලක්ෂ 27ක් ලබා දීමට රුසියාව එකඟ වූ බවත් එම එන්නත් තොගයේ පළමු කොටස මැයි 04 වැනි දින මෙරටට ගෙන්වනු ලබන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. මැයි 04 වැනිදා සිට මෙරටට ලැබෙන එන්නත් තොගය කඩිනමින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ. 

එක් එන්නතක වටිනාකම අමෙරිකානු ඩොලර් 9.95ක් වන අතර මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 5304ක්. ස්පුට්නික් එන්නත ද මාත්‍රා දෙක බැඟින් එක් පුද්ගලයෙකුට ලබා දීමට නියමිතයි.

එසේම චීන රජයෙන් මෙරටට ප්‍රදානයක් ලෙස ලැබුණු සයිනොෆොම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ට ද නුදුරේ දීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය ලැබෙනු ඇති බවත් එම අනුමැතිය ලැබුණු විගස සයිනොෆෝම් එන්නත ද ලාංකික ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. 

කෙසේ වෙතත් නව ලක්ෂ විසි පන්දහසක (925,000) ජනතාවකට  ලබා දුන් ඉන්දියාවෙන් ගෙන්වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි දෙවන මාත්‍රාව ද ඔවුන්ට ලබා දීමට කටයුතු කරගෙන යන බව චන්න ජයසුමන මහතා කියා සිටිනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාව පත්ව ඇති බරපතල තත්ත්වය නිසා එම එන්නත ලැබීමේ යම් ප්‍රමාදයක් පවතින්නේ නම් එය අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවලින් හෝ මිල දී ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. 

මෙම එන්නත් වල පළමු මාත්‍රාවෙන් මාස 6ක කාලයක් සඳහා සෞඛ්‍ය ආවරණයක් ලැබෙන නිසා එම කාලය තුළ එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu