gossiplanka alexa වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානියාට නිවැරදි දත්ත නොදීම ගැන චෝදනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානියාට නිවැරදි දත්ත නොදීම ගැන චෝදනා

epidemiologic unit head allegationද රට තුළ කොවිඩ් පාලනය ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ කොවිඩ් පළමු ‍රැල්ලේ සිට මේ දක්වාම වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානියා කොවිඩ් වසංගතය පිළිබඳ නිවැරදි දත්ත සහ සංඛ්‍යා ලේඛන සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා නොදීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවයි. 

අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර කොවිඩ් පිළිබඳ නිවැරදි දත්ත හා සංඛ්‍යා ලේඛන සෞඛ්‍ය බලධාරීන් සහ බුද්ධි අංශ වෙත කඩිනමින් ලබා දුන්නා නම් පවතින කොවිඩ් ‍රැල්ල සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා ගැනීමේ හැකියාව පවතුණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එසේ වූවානම් කොවිඩ් තුන්වන ‍රැල්ලක් කිසිසේත්ම ඇති වීමට ඉඩ නොලැබෙන බව ඔවුන් අවධාරණය කරනවා. 

රට අද මුහුණපා ඇති තත්ත්වය සම්බන්ධයෙන් වගකීම සම්පූර්ණයෙන්ම වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානියා භාරගත යුතු බවත් ඔහුගේ වගකීම් විරහිත ක්‍රියා සම්බන්ධයෙන් වහාම ඩහෙඩි විමර්ශනයක් කර ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා. එසේම මැලේරියා, බරවා වැනි වසංගත රෝගවලින් ජනතාව බේරා ගත්තේ රෝග මර්දන ව්‍යාපාර ඇති කිරීම හරහා බැවින්, කොවිඩ් මර්දනය සඳහා ද වහාම කොවිඩ් මර්දන ව්‍යාපාරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ආරම්භ කළ යුතු බවත් තාක්ෂණික දැනුම ඇති වෛද්‍යවරු කණ්ඩායමකගේ දායකත්වයෙන් එම ව්‍යාපාරය පවත්වාගෙන යාමෙන් අද පවතින කොවිඩ් මාරාන්තික වසංගතයෙන් රට බේරාගත යුතු බවත් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා. 

රජය තීන්දු තීරණ ගන්නේ වසංගත රෝග නිවාරණ ඒකකයෙන් දෙන දත්ත හා සංඛ්‍යා ලේඛන මත පදනම්ව වන බැවින් නිවැරදි දත්ත සහ සංඛ්‍යාලේඛන දෛනිකව කඩිනමින් ලබා දී නිවැරදි පූර්වකථනයක් කිරීමට හෝ මාර්ගෝපදේශ ලබා දීමට එම ඒකකයේ ප්‍රධානියා අපොහොසත් වී ඇති බවට සාධක රාශියක් තිබෙන බව ඔහු සඳහන් කරනවා. 

දත්ත එක් ‍රැස් කිරීමේ ක්‍රියාවලිය නිවැරදිව නොකෙරෙන බව කොවිඩ් පළමු ‍රැල්ල අවස්ථාවේ සිටම තම සංගමය පෙන්වා දුන් බව වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු සිහිපත් කරනවා. පවතින මෙම තත්ත්වය තව දුරටත් පැවතුනහොත් එහි අනි‍ටු ප්‍රතිපල රජයට මෙන්ම ජනතාවට ද අත් විඳීමට සිදුවන බවත් ඔහු අනතුරු අඟවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu