gossiplanka alexa PCR වාර්තාව ලැබෙන තුරු නිවසේම ‍රැ‍ඳෙන්න, වාර්තාව පැමිණීමට පෙර දෙමව්පියන් බැලීමට ගිය පුතෙකුගේ ඛේදවාචකය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

PCR වාර්තාව ලැබෙන තුරු නිවසේම ‍රැ‍ඳෙන්න, වාර්තාව පැමිණීමට පෙර දෙමව්පියන් බැලීමට ගිය පුතෙකුගේ ඛේදවාචකය

stay home till come pcr reportමීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ට පී.සී. ආර් පරීක්ෂණය සිදු කර තිබිය දිත් ප්‍රතිපල වාර්තා පැමිණීමට පෙර ඔහුගේ දෙමව්පියන් බැලීමට ගිය හේතුවෙන් එම මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා. 

එසේ කොවිඩ් වෛරසය වැළඳීමෙන් එම පුද්ගලයාගේ පියා සහ බාප්පා යන දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. 

පසුගිය 08 වෙනි දින මෙම පුද්ගලයා ක‍ටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි සිය මහගෙදරට පැමිණ ඇත්තේ දෙමව්පියන් බැලීම සඳහායි. විනාඩි 30ක පමණ කාලයක් එම නිවසේ ‍රැඳි ඇති මොහු ඉන්පසු තම නිවස වෙත ආපසු පැමිණ තිබෙනවා.

ඔහු නිවසට පැමිණි පසු එදිනම සවස ඔහුගේ පී.සී.ආර් වාර්තාව ලැබී ඇති අතර එහිදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව අනාවරණය වුණා. ඒ අනුව ඔහු වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබුවා. 

පසුව පසුගිය 09 වෙනි දින ආසාදිත පුද්ගලයාගේ මවට කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලැබුවා. ඉන්පසු මැයි 12 වන දින ඔහුගේ 66 හැවිරිදි පියාට ද රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඇති වූ සංකූලතා මත 14 වෙනි දින ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුව සිදුකල පරීක්ෂණ වලදී පියාද කොවිඩ් ආසාදිතයෙකු බව හෙළි වුණා. 

එසේම පියාගේ සොහොයුරෙකුද මෙම නිවසේ පදිංචි වී සිට ඇති අතර ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සහෝදරයා මන්ද මානසික රෝගයකින් පෙළෙමින් සිටි අයෙක් බවයි වාර්තා වන්නේ. සිදු කල පරීක්ෂණ වලදී ඔහුද කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu