gossiplanka alexa අවුරුදු උත්සව නිසා ගම්පහින් කොවිඩ් ‍රැල්ලක්, මාස දෙකකට පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණය අද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු උත්සව නිසා ගම්පහින් කොවිඩ් ‍රැල්ලක්, මාස දෙකකට පසු වැඩිම ආසාදිතයින් ප්‍රමාණය අද

වුරුදු උත්සවවලට සහභාගී වූ පුද්ගලයින්ගෙන් පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය කරගෙන තිබෙනවා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ රාගම බ‍ටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් මෙසේ ආසාදිතයින් වාර්තා වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසන්නේ.

ඒ අනුව දිවුලපිටිය අවුරුදු උත්සවයට සහභාගී වූ 26 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර රාගම බ‍ටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයට සහභාගී වූ 12 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එසේම මේ වන විට ක‍ටුනායක නිදහස් වෙළඳකලාපයේ පිහිටි කර්මාන්තශාලා 55ක සේවය කරන 1219 දෙනෙකු ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව වාර්තාවල සඳහන්.

අද (21) දිනයේ දී පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 114 දෙනෙකු වාර්තා වුණා. 

අද දිනයේ දී පමණක් කොවිඩ් ආසාදිතයින් 516 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මාස දෙකකට පසු මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් වැඩිම ප්‍රමාණය එය බව යුද හමුදාපතිවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu