gossiplanka alexa තවත් මාස තුනක් කොරෝනා ව්‍යාප්තිය සිදුවිය හැකියි - සෞඛ්‍ය අංශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් මාස තුනක් කොරෝනා ව්‍යාප්තිය සිදුවිය හැකියි - සෞඛ්‍ය අංශ

මෙම සති අන්තය වන විට මෙරට තුළ කොරෝනා රෝගීන් වාර්තා වීම උපරිම මට්ටමට පත්වනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඉන් අනතුරුව මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීමක් සිදුවිය හැකි බව ඔවුන් අනාවැකි පළ කරනවා. 

එසේම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළයාමේ තත්ත්වය තවත් මාස 3ක කාලයක් පමණ පවතිනු අතැයි ඔවුන් පෙන්වා දෙනවා. මේ වන විටත් සෞඛ්‍ය අංශ සහ යුද හමුදාව එක්ව රෝගීන් සඳහා අවශ්‍ය ඇඳන් 10,000ක් පමණ සූදානම් කර ඇති අතර රෝගීන් සඳහා අවශ්‍ය වෙතැයි සැලකෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා වැඩි ඔක්සිජන් සංචිත ප්‍රමාණයක් මෙරට තුළ ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. 

මෙසේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමට ප්‍රධාන හේතුව වූයේ පසුගිය අළුත් අවුරුදු සමයේ දී ජනතාව පාලනයකින් තොරව විනෝද චාරිකා යාම, සාප්පු සවාරි යාම, සැණකෙළි උත්වස පැවැත්වීම යනාදිය බව පෙන්වා දෙන සෞඛය අංශ පවසන්නේ කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන්නේ අවුරුදු උත්සව සහ සූදුපොලවල් ආශ්‍රිතව බවයි. 

කෙසේ වෙතත් ඉන්දියාවේ ව්‍යාප්තවන මාරාන්තික කොරෝනා වෛරස් ප්‍රභේදය මෙතෙක් මෙරටින් වාර්තා වී නැතැයි ඔවුන් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu