gossiplanka alexa මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කෙරේ, කොටි හිතවාදීන්ට නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කෙරේ, කොටි හිතවාදීන්ට නියෝගයක්

2018 පෙබරවාරි 04 වන දින ලන්ඩනනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කොටි හිතවාදීන් පිරිසක් පැවැත් වූ උද්ඝෝෂණයේ දී අංගචලනයක් මඟින් ඔවුන්ට මරණ තර්ජන එල්ල කලේ යැයි පවසමින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියාව සිටි ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරුවෙකු කරනු ලැබුවා. 

ඒ මාජුරාන් සදානන්දන් නැමැත්තා විසින් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එසේ චෝදනා කරමින් පවරන ලද නඩුවක් වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් විභාගයට ගැනුණු අවස්ථාවේ දීයි.

එහෙත් 2019 දෙසැම්බර් 08 වන දින දුන් එම තීන්දුව නිෂ්ප්‍රභ කරමින් ඉකුත් 19 වන දින එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. ඒ ප්‍රියංක ප්‍රනාන්දු මහතා තමන් වරදකරු කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී තීන්දුව ලබා දුන් ද්වි පුද්ගල විනිශ්චය මණ්ඩලය මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කළ අතර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ‍රැස් වී විරෝධතා දැක්වීම නුසුදුසු ක්‍රියාවක් බව පෙන්වා දුන්නා.

එය පැවැත් වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ප්‍රියංක ප්‍රනාන්දු මහතාට නඩු ගාස්තු ගෙවන ලෙසද මෙහි දී නියෝග ලබා දුන්නා.

එසේම 1961 වියානා සම්මුති අනුව හිමි විය යුතු තානාපති මුක්තිය එහි අංක 47.2 වගන්තිය ප්‍රකාරව මෙම අභියාචක ප්‍රනාන්දු මහතාට හිමිවන බවට ද එම නඩු තීන්දුවෙන් පෙන්වා දුන්නා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu