gossiplanka alexa මාරයා සමඟ එකතු වුණු අවුරුදු තෙල් තාච්චිය, ප්‍රබල කණ්ඩායමක් තෙල් මා‍ෆියාවට පි‍ටුපසින් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරයා සමඟ එකතු වුණු අවුරුදු තෙල් තාච්චිය, ප්‍රබල කණ්ඩායමක් තෙල් මා‍ෆියාවට පි‍ටුපසින් ?

ෆ්ලටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරකය අඩංගු ආනයනික පොල්තෙල් බහාලුම් 13ක් වෙළඳපොළට නිකුත්වී ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ප්‍රකාශ කිරීමත් සමඟම ඒ පිළිබඳව රට තුල දැඩි කතා බහක් ඇති වුණා. 
 
අදාළ තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් වහාම ආපසු යවන ලෙස ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දී තිබිය දී ඒවා වෙළඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව ද පවසා සිටියා. 

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසා ඇත්තේ ආනයනික එම පොල්තෙල් තොග සාම්පල පරීක්ෂා කිරීමේ දී ඒවායේ අෆ්ලටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරකය අඩංගු යැයි තහවුරු වූ බවයි.

එම ඒකකය පවසා සිටින්නේ අදාළ තෙල් තොගයෙන් කිසිදු ප්‍රමාණයක් මහජන පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව හා අදාළ සමාගම් වෙත ලිඛිතව දැනුම් දුන් බවයි. 

මෙම තෙල් සාම්පල සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සම කැඳවුම්කරු තුෂාර විජේසිංහ මහතා කියා සිටින්නේ

''මේ සිංහල අලුත් අවුරුද්දට මාරයා එක්ක තමයි තෙල් තාච්චිය ලිපේ තියන්න වෙලා තියෙන්නෙ. මේ තෙල් මා‍ෆියාකාරයන් වහාම රටේ ජනතාවට හෙළිදරව් කළ යුතුයි'' ලෙසයි.

එසේම එම සංගමයේ ප්‍රධාන කැඳවුම් කරු බුද්ධික ද සිල්වා මහතා පවසන්නේ මෙවන් අදහසක්.

''අපේ රටේ ජනතාව සිංහල අවුරුද්ද සමරන්න සූදානම් වෙන්නේ පහුගිය අවුරුද්දේ අවුරුදු සමරන්න බැරිවුණු නිසායි. මෙම අවුරුදු සමරන අවස්ථාවේ ප්‍රධානම ආහාර නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආදේශක තෙල් පිළිබඳව රටේම ජනතාවගේ අවධානය යොමු විය යුතුයි.

අද වෙළඳපොළේ තියෙන පොල්තෙල්, විදේශ රටවලින් ගෙන්වා ඇති පිරිපහදු නොකළ පොල්තෙල් ආදේශක සහ ෆාම් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න හෙළිදරව් කරන්නයි අපි සූදානම් වන්නේ. 

ලංකාවට ජනවාරි, පෙබරවාරි මාසවල මෙට්‍රික් ටොන් 40,000ක පමණ ආදේශක තෙල් ආනයනය කරලා තියනවා. ආනයනකරුවෝ බදු සහන ලබාගෙන මෙට්‍රික් ටොන් 30,000ක් ලංකාවට ගෙන්නලා තියනවා. ඒ සඳහා බිලියන 10.5ක මුදලක් වියදම් කරලා තියනවා.

තෙල් ආනයනය කරපු ප්‍රධාන පෙළේ අයෙකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුවත් කර තිබුණා ආනයනය කරපු මේ තෙල්වල ඇෆ්ලටොක්සින් කියන පිළිකා විසකාරක රසායනික ද්‍රව්‍ය අඩංගුවෙලා තියෙනවා කියලා. මේ වන විට එවැනි කන්ටේනර් 13 පරීක්ෂණයට ලක් කළා. ඒ කන්ටේනර් 13නේම පිළිකා සහිත විසකාරකය තියෙනවා කියලා තහවුරු කරගෙන තියෙනවා. තෙල් සියල්ල අරන් ගිහිං විකුණලත් ඉවරයි. 

තවත් විශාල ප්‍රමාණයක් රේගුවේ පස්සා දොරෙන් එළියට දමන්න ලියකියවිලි මාරුවෙමින් තියෙනවා.

පොල්තෙල් කර්මාන්තකරුවන් හැටියට අපි පොල් සංවර්ධන මණ්ඩලයෙන් විමසීමක් කළා. ඒ අය අඩුම තරමේ මොනවා ගෙන්නුවා ද කියලාවත් දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන අධිකාරිය තමයි පොල් ආශ්‍රිත අපනයනය, ආනයනය සියල්ල දැනගත යුත්තේ. 

පිරිපහදු නොකර මෙරටට ගෙන්වපු ආදේශක තෙල්වල පැහැය වෙනස්. ඒවා පාට කිහිපයකින් එකම ඇසුරුමේ මිදිලා තියෙන ආකාරය දකින්න පුළුවන්.

අපි මේ පිළිබඳව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා සහ අරුන්දික ප්‍රනාන්දු මහතා වගේම රමේෂ් පතිරණ මහතාවත් දැනුවත් කරලා තියෙනවා. ඒත් මේ කණ්ඩායම් බලවත් බව පේනවා.

අපි ඉල්ලීමක් කලා මෙම පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වන්න එපා කියලා. පිරිසිදු පොල් මද ගෙන්වන්න කියලා. පිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කර ගන්න පුළුවන්. හැබැයි ඒක තවමත් සිද්ධ වෙලා නෑ. 

මේ තෙල් ආනයනය කිරීම නිසා තමයි අපේ රටේ ලෙඩ රෝග ‍රැසක් පවතින්නේ. ඒ වගේම පසුගිය රජය සමයේ අතිවිශේෂ ගැසට් පත්‍ර ගහලා පිරිපහදු නොකළ තෙල් මෙරටට ගෙනැවිත් පොල්තෙල්වලට කලවම් කිරීමට ඉඩ ලබා දුන්නා. එම ගැසට් එක තවමත් අවලංගු කිරීමට බැරිවෙලා තියෙනවා.

ලංකාවේ පොල්තෙල් අවශ්‍යතාවය සපුරන්න දේශීය කර්මාන්තකරුවන්ට පුළුවන්. විශාල පොල් ප්‍රමාණයක් විදේශ රටවලට යනවා. ඒවා කළමනාකරණය කළොත් මෙරටට අවශ්‍ය නියම පිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කර ගන්න පුළුවන්.

මේ සිංහල අවුරුද්දට අපි තෙල් මිල දී ගන්න ඕනෑ. ඒ අපට විශ්වාස තැනකින්. ප්‍රධාන පෙළේ වෙළඳසල්වල තියෙන පොල්තෙල්වල ඇත්ත තත්ත්වය සොයලා බලන්න ඕනෑ. ඒවායේ අහැට නොපෙනෙන ආකාරයෙන් ලියලා තියෙන්නේ. හැබැයි දේශීය පොල්තෙල් විදියට තමයි ලොකු අකුරින් ලියලා තියෙන්නේ.

ආශ්‍රිත : මව්බිම





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu