gossiplanka alexa පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇති විශාල ග්‍රාහකයක් අද පෘථිවිය පසුකරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇති විශාල ග්‍රාහකයක් අද පෘථිවිය පසුකරයි

මීටර 340ක පළලකින් යුත් ''අපෝෆීස්'' නමින් හඳුන්වන ග්‍රාහකය අද රාත්‍රියේ දී පෘථිවිය පසුකර යෑමට නියමිත බව තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. මෙම ග්‍රාහකය 2068 වසරේ දී පෘථිවියේ ගැටෙනු ඇති බව ද අනාවැකි පළ කර තිබෙනවා. 

පෘථිවියට කිලෝමීටර් 16ක දුරින් ගමන් කරන මෙම ග්‍රාහකය පියවි ඇසින් දැකීමට නොහැකි නමුත් දුරේක්ෂයක් මඟින් ඉහළ අහසේ ''රටකජු හැඩයෙන්'' යුත් ආකාරයට මෙය නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා. 

''ඇපෝෆීස්'' නැමැති මෙම ග්‍රාහකය සූර්යා වටා කක්ෂගත වන අයුරු මුල් වරට නිරීක්ෂණය කර ඇත්තේ 2004 ජූනි 19 වන දින ඇරිසෝනා හි පිහිටි කිට් පීක් ජාතික නීරීක්ෂණාගාරයේ දීය.

නැවත මෙම ග්‍රාහකය 2029 අප්‍රේල් මස 13 වන දින පෘථිවියට කිලෝමීටර් 37,000ක් දුරින් ගමන් කිරීමට නියමිත බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

මෙවර මෙම ග්‍රාහකය පෘථිවියේ ගැටීමට ඇති ඉඩක් නොමැති වුවත් 2068 වර්ෂයේ දී මෙම ග්‍රාහකය පෘථිවිය හා ගැටීමට ඉඩකඩ ඇති බව විද්‍යාඥවින් වැඩි දුරටත් කියා සිටිනවා. එසේ ගැටීමක් සිදු වුවහොත් එය පුපුරණ ද්‍රව්‍ය ටොන් මිලියන 880ක පුපුරා යාමකට සමාන වනු ඇති බවයි පැවසෙන්නේ.

 "අපෝෆීස්" නම් මෙම ග්‍රාහකය චන්ද්‍රයාගේ පිහිටීම මෙන් 44 ගුණයක් දුරින් අද රාත්‍රියේදී පෘථිවිය පසු කර ගෙන යන බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu