gossiplanka alexa ජනතාව මුලා කරන පාස්ටර්ස්ලා ගැන අගරදගුරුතුමාගෙන් ප්‍රකාශයක්, මුදල් එන මාර්ග සොයන්න ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනතාව මුලා කරන පාස්ටර්ස්ලා ගැන අගරදගුරුතුමාගෙන් ප්‍රකාශයක්, මුදල් එන මාර්ග සොයන්න ඉල්ලීමක්

මාජයට පිළිගත නොහැකි විජ්ජාකාර ක්‍රම හරහා ජනතාවන් මුලාකරන ආගමික ඉගැන්වීම් අවමානයට ලක් කර පාස්ටර්ස්වරු යැයි කියාගන්නා පිරිස හා රෝමානු ක‍තෝලික සභාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා. 

අගරදගුරුතුමා මේබව පැවසූවේ ඊයේ (11) අගරදගුරුමැඳුරේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී.

''කාලයක ඉදලා පාස්ටර්ලා කියලා තමන්ම කියා ගන්නා කණ්ඩායම් තැන තැන බිහිවෙලා රටේ ප්‍රවීණයන්, කෘතහස්ත කලාකරුවන්, ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින් ආදී පිරිස් ඉලක්ක කරගෙන සංවිධානාත්මක යම් ක්‍රියාපිළිවෙතක නිරතවනවා. පාස්ටර්ලා හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමඟ ශ්‍රී ලංකා ක‍තෝලික රදගුරු මණ්ඩලය ප්‍රමුඛ රෝමානු ක‍තෝලික සභාව වන අපි කිසිදු සම්බන්ධයක් නැහැ.

ආගමික සභ්‍යත්වයක් සහ නිල පුහුණුවකින් පසුව ‍තෝරා පත් කර ගත් පූජක සංසදයක් අපට සිටිනවා. දශක තුනක පමණ කාලයක සිට හතු පිපෙන්නා වගේ කලින් කලට මතුවන පාස්ටර්ස්ලා එසේ ප්‍රමිතියක්, නිලපුහුණුවක් ලද අය බව පෙනෙන්නට නැහැ. ඔවුන් සූක්ෂමව ජනතාව මුලා කර ප්‍රයෝගකාරී විජ්ජා පෙන්වමින් ආගමික ශිෂ්ටාචාරය හෑල්ලුකරමින් සිදු කරන ක්‍රියාකාරම් අපි හෙළා දකිනවා.

මෙම ආගමික කණ්ඩායම් ක්‍රිස්තියානි කියන නම භාවිතා කළත් ඔවුන් රෝමානු ක‍තෝලික සභාවට අයත් පිරිසක් නොවේ. රෝමානු ක‍තෝලික සභාව මේ පාස්ටර්ස්ලා සමඟ කිසි සම්බන්ධයක් නැහැ.

මම රටේ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිනවා පාස්ටර්ස්ලා මුවාවෙන් ඇවිත් අහිංසක ජනතාව මුලා කරන ඔවුන්ගේ මුදල්වලින් පොහොසත්වන අය නියාමනය කරන්න කියලා. ඔවුන්ගේ නායකයා කවුද, ඔවුන්ට මුදල් එන්නේ මාර්ග සොයන්න කියලා. මේ පුද්ගලයින් නියාමනය කරන්න රටේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. මෙය ඉතා බරපතල තත්ත්වයක්.


මේ අන්තවාදී කල්ලිවල අරමුණ මේ රටේ ආගමික සමඟිය විනාශ කිරීම විය හැකියි. මේ තත්ත්වය වහා වෙනස් කල යුතුයි.''

අගරදගුරුතුමා මාධය හමුවේ අදහස් දක්වමින් එසේ කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu