gossiplanka alexa අන්තර්ජාලය හරහා සැරිසරන නැන්දම්මා ලේලි ආරවුල වීඩියෝ කලේ දරුවන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තර්ජාලය හරහා සැරිසරන නැන්දම්මා ලේලි ආරවුල වීඩියෝ කලේ දරුවන්

යෝවෘද්ධ මවකට කාන්තාවක් විසින් පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලය හරහා මේ දිනවල හුවමාරු වෙමින් පවතිනවා. 

නැන්දම්මා සහ ලේලිය අතර සිදුවන බහින්බස් වීමක දී ලේලිය විසින් නැන්දම්මාට පහර දෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා,

එම වීඩියෝවටානුව පිහියක්ද අතැතිව සිය නැන්දම්මාට පහරදෙන්නේ උපාධිධාරී ගුරුවරියක්. ගම්පොළ නගරයට ආසන්න පාසලක සේවය කරන මෙම ගුරුවරිය නැන්දම්මාට පහර දෙන වීඩියෝව හේතුවෙන් එම ගුරුවරිය ගම්පොල පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.

නන්දම්මා විසින් ලබා දුන් කට උත්තරය අනුව ඉදිආප්ප කෑමට ව්‍යංජන ගත්තැයි උරණ වූ ලේලිය තමාට පිහියකින් සහ අතින් පයින් දරුණු ලෙස පහර දුන්නා යැයි සඳහන් කර තිබෙනවා. 

අවුරුදු 15ක පමණ ගුරු සේවා කාලයක් ඇති මෙම කාන්තාව සහ ඇයගේ නැන්දම්මා සමඟ දීර්ඝ කාලයක් පුරා ආරවුලක් පැවතී තිබෙනවා. ඇයට අවුරුදු 10හා 09ක දරු දෙදෙනෙකු සිටින අතර ඇයගේ සැමියා ද රාජ්‍ය සේවකයෙක්.

බිරිඳ ඔහුගේ මවට නිතර නිතර හිරිහැර කිරීම පිළිබඳව ඔහු දැන සිටි අතර ඔහු තම දරු දෙදෙනාට පවසා ඇත්තේ අත්තම්මාට පහර දෙන විට එය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තමාට දෙන ලෙසයි.

ඒ අනුව කුඩා දරුවන් තම මව විසින් අත්තම්මාට පහර දෙන අවස්ථාව වීඩියෝගත කර තිබෙනවා. එම වීඩියෝව පහර කෑ කාන්තාවගේ දියණියක් විසින් ලබාගෙන එය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ඒ සමඟම වේගයෙන් සමාජය පුරා පැතිරයෑමත් සමඟ එහි විස්තර අනුව ගම්පොල පොලීසිය විමර්ශනය සිදු කර මෙම ගුරුවරිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.


අත් අඩංගුවට පත් කාන්තාව ගම්පොල දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ලෙස අවවාද කර රුපියල් 50,000ක ශරීර ඇප නියම කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu