gossiplanka alexa එක රටකට එක නීතියක් ක්‍රියාත්මක වෙයි ද? භූමිදානයද ? ආදාහනය ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක රටකට එක නීතියක් ක්‍රියාත්මක වෙයි ද? භූමිදානයද ? ආදාහනය ද?

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කරනවා ද ආදාහනය කරනවාද යන්න පිළිබඳව මේ දිනවල දැඩි කතා බහට ලක්ව තිබෙනවා. 

මේ පිළිබඳව නොයෙක් පාර්ශවවලින් මත විමසුම් සිදු කෙරෙමින් පවතිනවා. ශී‍්‍ර ලංකා ප‍්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය ඉකුත්දා ප්‍රකාශ කලේ කොරෝනා ආසාදිතව මියගිය ගිය පුද්ගලයින් භූමිදානය කලවිට දේහය මඟින් අදාළ වෛරසය ජලයට මිශ්‍ර නොවන බවත් වෙනත් අයෙකුට වෛරසය වැළඳීමට හැකියාවක් නැති බවත් ය.

එසේම ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ද ඊයේ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ මෘතදේශ භූමිදානය කිරීමෙන් ගැටළුවක් මතු නොවන බවය.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ එසේ මෘතදේහ භූමිදානය කිරීම හෝ ආදාහනය කිරීම ඊට අදාළ විශේෂඥයින්ගේ සාමූහික තීරණයකට අනුව සිදු කල යුතු බවයි. එම තීරණය විද්‍යාත්මක පදනමක් මත පමණක් ලබා ගත යුතු බව ඔවුන් පවසනවා. මේ පිළිබඳව කමි‍ටුවක් හරහා ලබාගත් තාක්ෂණික වාර්තාවක් ඉදිරියේදී ලබා දෙන බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ.

පක්ෂ හෝ ජාති අනුව නොව ශ්‍රී ලාංකික ජනතාවට අහිතකර ප්‍රතිපල ලබා නොදෙන තීරණයක් මේ පිළිබඳව ලබා දෙනු ඇතැයි ජනතාව හුදෙක්ම බලාපොරොත්තුවනවා. දේශපාලන වාසි තකා රටක් අවදානමට පත් නොකිරීම පාලකයින්ගේ වගකීම බවයි බහුතර මහජනතාව විශ්වාස කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu