
ඉන්පසු ඔවුන් බන්ධනාගාර රෝහලේ ගබඩා කර ඇති මානසික රෝගීන්ට ලබාදෙන අධිමාත්‍ර ඖෂධයක් පානය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එම ඖෂධය මානසික රෝගී නොවන පුද්ගලයින් පානය කිරීමෙන් ඔවුන් මානසික ව්‍යාකූලත්වයට පත්වන බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ. එම මානසික ව්‍යාකූල තත්ත්වය අඩුම වශයෙන් පැය 6ක පමණ කාලයක්වත් පවතින බව නිලධාරීන් පවසනවා.
මත්කුඩු සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් මෙසේ බන්ධනාගාර රෝහලට කඩා වැදී ඇති අතර ඔවුන් මුලුතැන්ගෙයි තිබූ තෙල් වර්ග භාව්තා කරමින් බන්ධානාගාරයේ ස්ථාන කිහිපයක ගිනි තැබීම් සිදු කර තිබෙනවා.
එසේම බන්ධනාගාර රෝහලේ හෙද නිලධාරියෙක් සහ ඖෂධ නිලධාරියා ද රැඳවියන්ගේ ග්‍රහනයට ගෙන ඇති අතර ඔවුන් පසුව මුදවා ගත් බවයි බන්ධනාගාර තොරතුරු වාර්තා කරන්නේ. ඔවුන් ලවා තුවාල ලැබූ රැඳවියන්ට ප්‍රතිකාරද සිදු කර ගෙන තිබෙන බව සඳහන්. කෙසේ වෙතත් බේරා ගැණුනු හෙද නිලධාරියාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රෝහලෙන් පැහැරගත් අධිමාත්‍රාව සහිත ඖෂධ වරින් වර පානය කරමින් බන්ධනාගාර රැඳවියන් මෙලෙස නොසන්සුන්ලෙස හැසිරුණු බවයි බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පවසා ඇත්තේ.