gossiplanka alexa කොවිඩ් - 19 අවදානම් තත්ත්වය යටතේ නිවසක දී සිදුවන මරණ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් - 19 අවදානම් තත්ත්වය යටතේ නිවසක දී සිදුවන මරණ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය

ම් තැනැත්තෙකු මියගිය බවට ග්‍රාම නිලධාරී විසින් මරණ වාර්තාවක් ලබා දීමේ දී එම මරණය පිළිබඳව නිසි සොයා බැලීමකින් පසුව සහ එම මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අදාළ මරණය පිළිබඳව ඉදිරි කටයුතු සිදු කරන ලෙසට සියළුම ග්‍රාම නිලධාරීන් දැනුවත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර සිටිනවා. 
 
ඒ අනුව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති කොවිඩ් -19 ව්‍යාප්තවීමේ අවදානම් කාල පරිච්ඡේදය අවසන් වන තෙක් නිවසක පුද්ගලයෙකු මියගිය අවස්ථාවක දී එම පුද්ගලයාගේ මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පමණක් ලියාපදිංචි කළ යුතුය. 

එබැවින් නිවසක සිදුවූ මරණයක් ලියාපදිංචි කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාවක් හෝ වෛද්‍ය වාර්තාවක් මඟින් තොරතුරු ඉදිරිපත් වන අවස්ථාවක දී මෙම මරණය සම්බන්ධයෙන් පොලීසිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කර මෙම මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන තිබේ ද යන්න තහවුරු කර ගැනීමෙන් අනතුරුව පමණක් මරණය ලියාපදිංචි කිරීමට කටයුතු සිදු කරන ලෙස සියළුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන්ගෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu