gossiplanka alexa කාර්යාලයේ දී කාන්තාවකට පහර දීම සම්බන්ධයෙන් නිලධාරියාට පරීක්ෂණ (VIDEO)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාර්යාලයේ දී කාන්තාවකට පහර දීම සම්බන්ධයෙන් නිලධාරියාට පරීක්ෂණ (VIDEO)

Update - බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. 
 
එසේම ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ. 
 
ස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරියෙකු එහි සේවය කරන කළමනාකරන සහකාර නිලධාරිනියකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා. 
 
එම නිලධාරියා බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමානාකාරවරයෙකු බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා දන්වා ඇති අතර ඒ අනුව අද එම විමර්ශනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ වීඩියෝව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu