gossiplanka alexa තවත් කොරෝනා මරණ 8ක්, ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් කොරෝනා මරණ 8ක්, ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

යේ (27) දිනයේ දී නවකොරොනා වෛරසය ආසාදිත පුද්ගලයින් 08 දෙනෙකු මියගිය බවට සෞඛ්‍ය බලධාරීන් තහහවුරු කලා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා වෛරස ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගියා. 
 

ඊයේ දිනය දක්වා වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 22,501ක්.ඒඅ තරින් 16,226ක් සුවය ලබා තිබෙනවා.

මෙ අතර කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ 3ක් හුදකලා කිරීමට තීරණය කෙරුණා. නාරාහේන්පිට දාඹරේ පාරේ පස්කෑල්ල ප‍්‍රදේශයේ නිවාස 1,050ක්, දෙහිවල, ප‍්‍රතිබිම්බාරාම පාර, ඇල ඉවුර ප‍්‍රදේශය සහ අම්පාර, අක්කරෙයිපත්තු ප‍්‍රදේශය මෙසේ හුදකලා කල ප්‍රදේශ වනවා.

එසේම ඇහැලියගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. 

එම කර්මාන්තශාලාවේ 1200ක් පමණ පසුගියදා ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති අතර ඉන් 43 දෙනෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මෙම පුද්ගලයින් ඇහැළියගොඩ, කුරුවිට, දෙහි ඕවිට, යටියන්තොට, රත්නපුර, කරවනැල්ල, කොස්ගම, පාදුක්ක, හෝමාගම, බෝකුන්දර සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මහනුවර ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් සේවය කරන උගුර, කන සහ නාසය පිළිබද සායනය තාවකාලිකව නවතා ඇති බව සඳහන්. ඔවුන් දෙදෙනා මහනුවර සහ දවුලගල ප‍්‍රදේශයේ පදිංචිකාරියන්.

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ වැටලීම් අංශයේ පොලිස් නිලධාරියෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම කාර්යාලයේ පොලිස් නිලධාරීන් 38දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu