gossiplanka alexa පෙට්ටි කඩවලින් ඔත්තුව ආව මාළු කඩේ කොරෝනා, ඇළට පැන බොහෝ පිරිසක් පැන ගිහින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙට්ටි කඩවලින් ඔත්තුව ආව මාළු කඩේ කොරෝනා, ඇළට පැන බොහෝ පිරිසක් පැන ගිහින්

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සොයා ගනු ලැබුවේඅහඹු ලෙස සිදු කල පරීක්ෂණවලින්. එසේ අහඹු ලෙස පරීක්ෂණ සිදු කිරීමට හේතුවී ඇත්තේ එම වෙළඳ සංකීර්ණය අවට පිහිටි පෙට්ටි කඩවල පැරසිටමෝල්, ඩිස්ප්‍රීන් හා පේයාව වැඩිපුර අලෙවි වන බවට ලැබුණු තොරතුරක් අනුවයි.

එම තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නිලධාරින් මත්ස්‍ය වෙළඳ සංගමයේ ලේකම් මහතා සමඟ සාකච්ඡාවක් සිදු කර අහඹු ලෙස ‍තෝරාගත් පුද්ගලයින් 109 දෙනෙකු පරීක්ෂාවට ලක් කලා. එයින් 49 දෙනෙකුටම කොවිඩ් -19 වෛරසය ආසාදිත බව තහවුරු වූයේ ඉන් අනතුරුවයි. 

ඒ අනුව පසුගිය 21 වනදා දහවල් සිට මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවයේ නිරත පිරිස් පී.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරුණා. එදින රාත්‍රී 10.00පමණ වනවිට පුද්ගලයින් 1200ක් පමණ එම පරීක්ෂාවට ලක්කිරිමට හැකි වුණා.

මේ අතර මෙම පී.සී .ආර් පරීක්ෂණවලට ඉදිර්පත් නොවීමට අකමැති පිරිසක් මාළු වෙළඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරී ඇති ඇළ මාර්ගයට පැන එගොඩට පිහිනා පලාගොස් ඇති බවට වාර්තා වනවා. එයින් පුද්ගලයින් කිහිපදෙනෙක් පසුව තමන් කල වරද වටහාගෙන පී.සී.ආර් පරික්ෂාවට සහභාගී වී තිබෙනවා. 

මෙසේ පලාගිය පිරිස මත්කුඩුවලට ඇබ්බැහි වූවන් බවයි වාර්තා වන්නේ. මුලින් සිදු කල 109 දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිතයින් ලෙස හඳුනාගත් 40 දෙනාගෙන් 36දෙනෙකු යුධ හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය මත මීගමුව කරදියාන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබුණා. ඉතිරි 13 දෙනා රාගම, වත්තල, හැඳල, කොළඹ, ජම්පටාවීදිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සොයා ගෙන ඇත්තේ.

ආසාදිත පුද්ගලයින් සමාජයේ සැරිසැරීම සමාජයට තර්ජනයක් වන බැවින් එම පුද්ගලයින් 13 දෙනාද ඉක්මනින් සොයාගෙන නිරෝධායනයට යොමු කරන බවයි පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu