gossiplanka alexa නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී කටයුතු අරඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී කටයුතු අරඹයි

ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු මෙලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් විය.

සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු වැඩ බාරගැනීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් බාරදෙන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu